ප්‍රමුඛ පුවත 1

අප්‍රේල් මස ඩෙංගු රෝගීන්ගේ අඩුවක්

(UTV| කොළඹ) – 2018 අප්‍රේල් මාසය වන විට ඩෙංගු රෝගීන් 17028 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 7178ක්,පෙබරවාරි මාසයේ ඩෙංගු රෝගීන් 4395ක් මාර්තු මාසයේ ඩෙංගු රෝගීන් 3303 ක් අප්‍රේල් මාසයේ ඩෙංගු රෝගීන් 2152ක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ. ඒ අනුව
2018 වසරේ ජනවාරි සංඛ්‍යවට වඩා අප්‍රේල් මාසය වනවිට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩු වීමක් පෙන්නුම් කෙරේ.
මෙම කලසීමාව තුළ කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාශය තුළ ජනවාරි,පෙබරවාරි, මාර්තු,අප්‍රේල්, මාසවල පිළිවෙළින් 1177,622,475,349 ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල ජනවරි මස රෝගීන් 824 පෙබරවාරි මස රෝගීන් 469ක් මාර්තු මස රෝගීන් 371ක් අප්‍රේල් මස රෝගීන් 232ක් වාර්තා වී තිබේ.
ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 30.9%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව හා සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම උණ වැලඳුනු විට ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මහජනයා දැනුවත් වීමේ අවශ්‍යතාවය මෙ මගින් පෙන්නුම් කෙරෙන බව ඩෙංගු රෝග විද්‍යා ඒකකය පවසයි.
එමෙන්ම දින තුනකට වඩා උණ රෝගය පවතීනම් ප්‍රතිකාර ලබා ගැනීම හා අවශ්‍ය සායනික පරීක්ෂණ සිදුකරගැනීම වැදගත් බවද එම ඒකකය කියයි.[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාලියට යළිත් වරෙන්තු

Mohamed Dilsad

නව කාලපාදක ගාස්තු ක්‍රමය යටතේ විදුලි බිලෙහි කිසිදු වැඩිවීමක් නැහැ

Mohamed Dilsad

පාකිස්තානු විදේශ අමාත්‍ය අග්‍රාමාත්‍ය හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment