ප්‍රමුඛ පුවත 1විදෙස්

ශෂී වීරවංශගේ නඩුව යළි විභාග කිරීමට සුදානම්

(උදයම්,කොළඹ) – ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර නීතිවිරෝදී ලෙස රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ඇති නඩුව විභාගයට ගැනීමට අධිකරණය තීරණය කරයි.

අද(08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රණසිංහ බණ්ඩාර විසින් සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසී නිකුත් කළේය.

ඒ අනුව ලබන මැයි මස 25,30,සහ 31 යන දිනයන්වලදී ඔවුන්ගෙන් සාක්ෂි විමසීමට නියමිතය.

එමෙන්ම නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පාසා ඇත්තේ සැකකාරියට හැඳුනුම්පත් දෙකක්, උප්පැන්න සහතික දෙකක් හා විදේශ ගමන් බලපත්‍ර සහ නම් දෙකක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය කළ යුතු බව පෙන්වා දුන් ඒ මහතා ඇයට සෑම මසකම අවසන් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක්  ඇත.

ඒ සම්බන්ධයෙන්  ඉදිරියේදී තීන්දුවක් ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රණසිංහ බණ්ඩාර මහතා  ප්‍රකාශ කර තිබේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මෙරට සංචාරය කළ අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී මහජන පීඩාවක් ඇති කළ බවට චෝදනා කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවද අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගෙන තිබේ.

එහිදී සැකකරුවන් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

Related posts

ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු මාලදිවයිනේදී අත්අඩංගුවට

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසකට අත්හිටුවයි

Mohamed Dilsad

වෙනිසියුලාවේ ජනපති ලෙස නිකොලෙස් මදුරෝ දෙවැනි වරටත් දිව්රයි..

Mohamed Dilsad

Leave a Comment