ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී මහින්දානන්දගේ නඩුව කල් යයි

(UTV| කොළඹ) –  ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ජුනි මස 06 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය තීන්දු කරයි.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි වන චෝදනා සම්බන්ධයෙනි.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා ඉදිරියේ  විභාගයට ගැනීමට නියමිතව තිබුණි.

අද(04) දින අධිකරණ සේවා කොමිසම  නිල කටයුත්තක් යෙදී ඇති බැවින් නඩු විභාගය වෙනත් දිනයකට කල් දමන බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

ඒ අනුව නඩු විභාගය ජුනි මස 06 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එම වෘත්තියේ සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගෙවතු මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඝාතනයට සම්බන්ධය සැකරුවන් 17 දෙනා යලි රිමාන්ඩ්

Mohamed Dilsad

අනිද්දා සියලුම රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්

Mohamed Dilsad

උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමීතිය පිළිබද සොයා බැලීම සදහා ස්වාධීන අධිකාරියක්

Mohamed Dilsad

Leave a Comment