ප්‍රමුඛ පුවත 1

ජපාන අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත පිරිස ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – ජපාන අග‍්‍රාමාත්‍ය සින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශක Dr. Hiroto Izumi මහතා ඇතුළු නියෝජිත පිරිසක්  ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

ජනාධිපතිතුමාගේ ජපාන නිල සංචාරයේදී ජපාන අග‍්‍රාමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවලදී සඳහන් කෙරුණු කරුණුවලට අදාළව ශ‍්‍රී ලංකාව තුළ දියත් කිරීමට නියමිත ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සොයාබැලීම සහ අධ්‍යයනය කිරීම වෙනුවෙන් මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණ තිබේ.

සිය ජපාන සංචාරයේ දී ජපාන රජය තමන් වෙත දැක්වූ ඉහළ ගෞරවය සහ උණුසුම් පිළිගැනීම පිළිබඳ ජපාන රජය වෙත සිය ස්තූතිය පළ කිරීමට ද ජනාධිපතිතුමා මෙය අවස්ථාවක් කර ගත්තේය.

වරාය සංවර්ධනය, ඩිජිටල්කරණය සඳහා සහයෝගීතාවය, බලශක්ති, සංචාරක, සෞඛ්‍ය, යටිතල පහසුකම්, සමුද්‍රීය ආරක්ෂාව යන ක්ෂේත‍්‍රවලදී ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් ඉහළ නැංවීමට ජනාධිපතිතුමාගේ ජපාන නිල සංචාරයේ ප‍්‍රතිඵලයක් ලෙස ජපාන රජයේ කැමැත්ත පළ කෙරුණු අතර ඒ සඳහා ගතයුතු ඉදිරි පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.
ඉදිරියේදී මතුවිය හැකි විදුලි අර්බුදය මගහරවා ගැනීම වෙනුවෙන් දියත් කෙරෙන බලශක්ති ව්‍යාපෘතින්හි කටයුතු කඩිනමින් නිම කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා නියෝජිත පිරිස වෙත පෙන්වා දුන්නේය.

ජපාන රජයේ ආධාර ඇතිව සිදුකෙරෙන ත‍්‍රිකුණාමල වරාය සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සහය ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා නියෝජිත පිරිසගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.
කලාපයේ සමුද්‍රීය ආරක්්ෂාව වෙනුවෙන් ජපාන රජය ශ‍්‍රී ලංකාවට ලබාදෙන සුවිශේෂි සහය ද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.

එමෙන්ම කලාපීය වශයෙන් විශාල තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.

මෙම සියලු ව්‍යාපෘති සාර්ථකව කි‍්‍රයාවට නැංවීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර සූදානම් කරන බව ජනාධිපතිතුමා මෙහිදී නියෝජිත පිරිස වෙත සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

එජාපය නායකත්ව මණ්ඩලයක් තුලින් මැතිවරණයට තරඟ වැදිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

විජයකලා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නයි අගමැති ජනපතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment