ප්‍රමුඛ පුවත 1

2020 දී විශ‍්‍රාම නොගන්න බව ජනපති කියයි

(UTV| කොළඹ) –  2020 දී විශ‍්‍රාම නොලබන අතර, රට වෙනුවෙන් ඉටුකළයුතු වැඩකොටස අඛණ්ඩවම ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනපති පවසයි.

තමන් 2020 දී විශ‍්‍රාම නොලබන අතර, නව වැඩපිළිවෙළක් ඔස්සේ රට වෙනුවෙන් ඉටුකළයුතු වැඩකොටස අඛණ්ඩවම ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.

පසුගිය වසර තුනක මහඟු අත්දැකීම් සමුදාය ඒ සඳහා ආශිර්වාදයක් කර ගන්නා බව ද සඳහන් කළ ජනාධිපතිතුමා රටට සහ ජනතාවට ආදරය කරන අවංක දේශපාලනඥයින් පිරිසක් එම වැඩපිළිවෙළ වටා ඒකරාශී කරගන්නා බව ද සඳහන් කළේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ  (07)දින පස්වරුවේ මඩකලපුවේදී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය අමතමිනි.

“ජාතික සමගියට කම්කරු ජවය“ තේමාව යටතේ දිවයිනේ සියලු පළාත්වලින් පැමිණි ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම කම්කරු රැළියට ජාති, ආගම් බේදයකින් තොරව ද විශාල ජනතාවක් ඒකරාශී වි සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රට ගොඩනැගීම සඳහා නව දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරියේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය රටට හඳුන්වා දෙන බවයි. නව ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ලෙස ජතතාවදී පක්ෂයක් බවට පත්කරමින් සහ පක්ෂයේ මධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින් ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන යන බව ද පැවසූ ජනාධිපතිතුමා එම නව වැඩපිළිවෙළට එක්වන්නැයි තමා මේ රටේ සියලු වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ද සඳහන් කළේය.

කිසිදු ජනතාවාදී වැඩපිළිවෙළක් නොමැතිව බලය ලබා ගැනීමට පමණක් සිහින දකිමින් 2020 දී අලුත් ආණ්ඩු සෑදීමට ඇතැමුන් අද සූදානම් වන අතර, එම පිරිස අතර සොරකම් නොකළ සහ මිනිස් ඝාතන සිදු නොකළ අවංක පිරිස කී දෙනක් සිටිනවාදැයි තමන් ප‍්‍රශ්න කරන බවත්, එබැවින් අවංක දේශපාලනඥයින් ලෙස සුදුසු අය පමණක් 2020 දී නව ආණ්ඩු සැදීමට ඒකරාශී වන්නැයි තමන් ආරාධනා කරන බවත් ප‍්‍රකාශ කළේය.

මේ රටේ අහිංසක ජනතාවගේ හෘද සාක්ෂිය තේරුම්ගත් සහ රටේ ජාතික සමගිය ගොඩනැගීම සඳහා ස්ථිරසාර වැඩපිළිවෙළක් මෙන්ම මතු පරපුර වෙනුවෙන් හොඳ රටක් ගොඩනගීමේ නිසි වැඩපිළිවෙළ සහ රටේ ආගම, සංස්කෘතිය සහ සභ්‍යත්වය රකින වැඩපිළිවෙළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සතු අතර එම වැඩපිළිවෙළට නව ජවයක් ලබාදෙමින් ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජාතීන් අතර සමගිය සහ සහෝදරත්වය ගොඩනැගීම්දී වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ කම්කරු ජනතාවට ඉටුකළ හැකි මෙහෙවර සුවිශේෂී වන අතර රටේ මතු පරපුර වෙනුවෙන් ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළට ඒකරාශි වන්නැයි තමා ඔවුන් සියලුදෙනාට ආරාධනා කරන බව ද පැවසීය.

හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු රැසක් ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පක්ෂ කි‍්‍රයාකාරිහු මීට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංගමය විසින් නවීන බස් රථ 2000 ක් ආනයනය කිරීමට සැරසේ…

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලය ඉහළ දැමීමේ යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්වයට.

Mohamed Dilsad

Leave a Comment