ප්‍රමුඛ පුවත 1

රත්‍රන් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ශ්‍රී ලාංකික කාන්තාවක් අද(09) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම හේතුවෙනි.

ඇය මීගමුව, කොච්චිකඩේ,පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි.

ඇය අද අලුයම 12.15 ට පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 222 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඇය විසින් රැගෙන ආ ගමන් බෑගයේ මාල, වළලු ,කරාබු , මුදු , අත් පළදනා ඇතුළු ග්‍රෑම් 432 ක් බර , මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙම කාන්තාව සම්බන්ධයෙන් ගුවන්තොටුපල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හමුදාවේ ගෞරවය රැකගන්නා හැටි කතානායක කියයි

Mohamed Dilsad

එක් කෝටි 36 ලක්‍ෂයක මත් පෙති සොයා ගැනේ

Mohamed Dilsad

අද සිට පොලොන්නරුව බලා ධාවනය වන සුඛෝපබෝගී දුම්රියක්

Mohamed Dilsad

Leave a Comment