ප්‍රමුඛ පුවත 1

නෑගම මුස්ලිම් මහා විද්‍යාලයේ දරුවන්ට පාසැල් භාණ්ඩ පිරිනැමේ

(UTV|අනුරාධපුරය) – ‘AT පදනම’ සහ ‘ලෙයිලා උම්මා ඩීන් පදනම’ එක්ව අධ්‍යාපනය ලබන දරුවන් දිරි ගැන්වීම සඳහා පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ තවත් අදියරක් සාර්ථකව අවසන් වෙයි.

එය පසුගියදා අනුරාධපුර නෑගම මුස්ලිම් මහා විද්‍යාලයේදී  පැවැත්වුණි.

ඒ ‘AT පදනමේ අධ්‍යක්‍ෂ මවුලවි අබ්දුල් රහුමාන් සහ ලෙයිලා උම්මා ඩීන් පදනමේ ප්‍රධානී මකියා මුසම්මිල් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී දුෂ්කරතා මධ්‍යයේ සිය අධ්‍යාපන කටයුතු සිදුකරන දරුවන් 50 දෙනෙකු සඳහා පොත්-පත්,පාසැල් බෑග්,පාවහන් මිලදී ගත හැකි වවුචර ප්‍රධානය කෙරුණි.

ඊට අමතරව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් පිරිසකට ශිෂ්‍යත්ව පිරිනමනු ලැබීය.

තවද වැන්දඹු කාන්තාවන් 11 දෙනෙකු සඳහා ස්වයං රැකියාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය භාණ්ඩද ප්‍රධානය කළේය.

මේ අතර එම ප්‍රදේශයේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට වසර ගණනක් කැප කිරීම් කර මේ වන විට විශ්‍රාම ලබා සිටින ගුරුවරුන් තිදෙනෙකුට ගෞරව සම්මානද පිරිනැමුණි.

මෙම වැඩසටහන සඳහා මාධ්‍ය අනුග්‍රහය UTV නාලිකාව විසින් ලබා දුනි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/SCHOOL-CHILDREN-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/SCHOOL-CHILDREN-03-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/SCHOOL-CHILDREN-04-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/SCHOOL-CHILDREN-05-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තේක්ක දැව සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දුම්රිය වර්ජනය තාවකාලිකව කල් දැමේ

Mohamed Dilsad

ගොවිජන මන්දිරය යළි ලබා දෙන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

1 comment

Sri Lankan May 10, 2018 at 12:59 am

Good Job! Well done! May Allah reward you all for this worthy cause!

Reply

Leave a Comment