ක්‍රීඩා

ඉන්දියාව දිවා – රාත්‍රී ටෙස්ට් තරඟවලට බියවෙයි

(UTV|ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට සුදානම් කර තිබු දිවා – රාත්‍රී ටෙස්ට් තරඟය අත්හිටුවීමට ඉන්දියාව තීරණය කරයි.

විදෙස් ක්‍රිකට් වාර්තා සඳහන් කළේ ලබන දෙසැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියානු සංචාරයේදී ඇඩිලේඩ් හිදී පැවැත්වීමට යෝජිත දිවා – රාත්‍රී තරඟය සාමාන්‍ය ටෙස්ට් තරඟයක් ලෙස පැවැත්වෙන බවයි.

2015 වසරේ සිට දිවා – රාත්‍රී ටෙස්ට් තරඟ හතරක් ක්‍රීඩා කර ඇති ඕස්ට්‍රේලියානු පිල ඉන් තරග 03ක් ජයගෙන ඇත.එම තරග 03 ම ක්‍රීඩා කර ඇත්තේද ඇඩිලේඩ් හිදිය.

මෙතෙක් රෝස පැහැති පන්දුව යොදා ගනිමින් දිවා – රාත්‍රි ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නැති ඉන්දියානු පිල මෙවර ඕස්ට්‍රේලියානු සංචාරයේදී සිය පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ලබා ගැනීම අස්ථිර නිසා ඔවුන් දිවා – රාත්‍රී ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට මැලිකමක් දක්වන බව ක්‍රීඩා විචාරකයින් සඳහන් කරයි.

 

ert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෙවින් පීටර්සන්ගෙන් IPL තරඟාවලියට යෝජනාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

කාසියේ වාසිය බංග්ලාදේශයට

Mohamed Dilsad

Leave a Comment