ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර සබඳතා වර්ධනයට පියවර

(UTV| කොළඹ) – සර්බියාව ඇතුළු පැරණි යුගෝස්ලාවියාවට අයත් රාජ්‍යයන් සමග යළි අතීත මිතුදම් මුවහත් කර ගැනීමට කාලය පැමිණ ඇති බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සර්බියානු විදේශ අමාත්‍ය අයිවිකා ඩැසික් මහතා අතර පසුගිය දා කොළඹ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී අවධාරණය කෙරිණ.

නොබැදි ජාතීන් වශයෙන් යුගෝස්ලාවියානු හිටපු ජනාධිපති ටිටෝ මහතා සහ ශ්‍රී ලංකාව අතර සුවිශේෂී සබඳතාවන් ගොඩනැගී තිබුණු බව සිහිපත් කෙරුණු අතර, පැරණි යුගෝස්ලාවියාවට අයත් රාජ්‍යයක් වශයෙන් සර්බියාව ඒ සබඳතා යළි ශක්තිමත් කරලීමේ අපේක්‍ෂාවෙන් සිටින බව ඩැසික් මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර සබඳතා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශක්තිමත් කරලීමේ වැදගත් කම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධානය යොමු කළේය.

මෙහිදී ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ ද සබඳතා වර්ධනය කිරීමේ අවශ්‍යතාව සහ අවකාශය පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි. මේ අනුව නුදුරු අනාගතයේ දී සර්බියානු ව්‍යාපාරික නියෝජිත පිරිසකගේ ශ්‍රී ලංකා සංචාරයක් ද සංවිධානය කෙරෙණු ඇත.

වීසා බලපත්‍රයන්ගෙන් තොරව දෙරටේ සංචාරය කිරීමේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ ගිවිසුම් ළඟදීම අත්සන් කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හඬ පරීක්‍ෂණකට එන්නැයි පොලිස්පතිට දැනුම් දීමක්

Mohamed Dilsad

වත්කම් බැරකම් නොදුන් අමාත්‍යවරුන්ට එරෙහිව පැමිණිලි

Mohamed Dilsad

අදත් පළාත් කිහිපයයකට ගිගුරුම් සහිත තද වැසි

Mohamed Dilsad

Leave a Comment