ප්‍රමුඛ පුවත 1

දියගම කෘෂි තාක්ෂණික උද්‍යානය වසා දමයිද?

(UTV| කොළඹ) – හෝමාගම, දියගම කෘෂි තාක්ෂණික උද්‍යානය වසා දැමීමේ තීරණයක් ගෙන ඇති බවට චෝදනා කරයි.

සමස්ත ලංකා කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමය චෝදනා කරන්නේ එම උද්‍යානයේ ආරක්ෂකයෙකුට වැටුප් ගෙවීමේ ගැටළුවක් පදනම් කර ගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්  මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම කෘෂි තාක්ෂණ උද්‍යානය අක්කර 15කින් සමන්විත අතර, එහිදී පිටරටින් ගෙන්වන පැළැටි නිරෝධායන පරීක්ෂණයට ලක් කිරීමද සිදුකරයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ කියා සිටියේ හෝමාගම – දියගම කෘෂි තාක්ෂණික උද්‍යානය වසා දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්ෂ 70 කට අධික මත් පෙති තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

තවත් ගුවන් පාලම් 2ක් ඉදිකිරීමට සුදානම්

Mohamed Dilsad

යාං ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරට

Mohamed Dilsad

Leave a Comment