ප්‍රමුඛ පුවත 1

‘ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රැකියා ලබාදීමේ යුගයක් අපි නිර්මාණය කරනවා’ අගමැති කියයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රැකියා ලබාදීමේ යුගයක් අපි නිර්මාණය කරනවා.රටේ නිෂ්පාදන, සංචාරක ආදි අංශවලින් මෙම ආයෝජන ආරම්භ කිරීමට අපි සූදානම්. 2020 වන විට එම ආයෝජන සංඛ්‍යාව තවත් වැඩි කිරීමට අප සූදානම් වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා බඳවාගත් නව නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ දී කළ කතාව.

මෙරට වැඩිම ආයෝජන ප්‍රමාණය සහ අපනයන ආදායම වාර්තා කිරීමට හැකි වූයේ 2017 වසරේදී බවත්, මේ තත්ත්වය මින් ඉදිරියට අඛණ්ඩව වර්ධනය වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක දී පැවසීය.

පසුගිය වසරේ දී ඩොලර් මිලියන 1900 ක පුද්ගලික ආයෝජන ලබාගැනීමට හැකි වූ බව පැවසූ ඒ මහතා මෙවැනි ආයෝජනයක් මීට පෙර පෞද්ගලික, සේවා සහ නිෂ්පාදන අංශවලට ලබා ගැනීමට නොහැකි වූ බව සිහිපත් කළේය.

රාජ්‍ය කළමනාකරණ සේවය සඳහා බඳවා ගත් නව නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ උත්සවයක දී මේ බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී තවදුරටත් මෙසේ ද කීය.

“රජයේ කළමනාකරණ සහකාර සේවයට අද ඔබ සියළු දෙනාම ඇතුළත් වුණා. එම පත්වීම් ලබාගැනීමෙන් අනතුරුව අද සිට ඔබ රජයේ සේවයට ඇතුලත් වෙනවා. ඔබ රජයේ සේවයට ඇතුළත් වනවා යනු ජනතා සේවයට කැපවෙනවා යන්නයි. මෙම අමාත්‍යංශය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ලෙස හඳුන්වන්නේත් එම නිසයි. රාජ්‍ය පරිපාලන සේවයෙන් යහපතක් සිදුවන්නේ රටේ ජනතාවටයි. එහි ක්‍රියාත්මක වන්නේ රටේ වත්මන් පාලකයාගේ හෝ ආණ්ඩුවේ පාලනය නොවේ. එය ඇත්ත වශයෙන්ම තිබෙන්නේ ජනතාව වෙනුවෙනුයි. පරිපාලන සේවා මඟින් සිදුවන්නේ ආණ්ඩුව සහ ජනතාව අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමයි. ඔබ වැනි කළමනාකරණ සහකාරවරුන් නොමැතිව එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ නොහැකියි.

එම නිසා එම වැඩකටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාම සඳහා මම ඔබට සුබ පතනවා. බොහෝ දෙනා බලාසිටින්නේ රැකියාවක් ලබාගැනීමටයි. එය රාජ්‍ය සේවයේ රැකියාවක් වනවා නම් ඊට දක්වන්නේ විශාල උනන්දුවක්. අද ඔබට ඒ කාරණා දෙකම ඉටු වී තිබෙනවා. රැකියා නොලැබුණු බොහෝ පිරිසක් තවමත් සිටිනවා. ඔවුන්ගේ ආදායම් තත්ත්වයත් අප ඉහළ දැමිය යුතුයි. සියලූම දෙනාට රජයේ රැකියාවක් ලබාදිය නොහැකියි. අද රටේ බහුතරයක් සේවය කරන්නේ රාජ්‍ය නොවන අංශ තුළයි. ඇමරිකාව වැනි රටවල්වල ජනගහණයෙන් වැඩිම ප්‍රමාණයක් රැකියා කරන්නේ පෞද්ගලික අංශවලයි. ඇමරිකාවේ වැඩිම රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් සේවය කරන්නේ ආරක්‍ෂක අංශයේ පමණයි. චීනය, වියට්නාමය වැනි රටවලත් බහුතරයක් පිරිස රැකියා කරන්නේ පෞද්ගලික අංශයේයි. ඒ තුළින් ඔවුන් විදේශ විනිමය ලබාගනිමින් අපනයන හරහා ආර්ථික වර්ධනය කරගන්නවා.

වර්ථමානයේ ශ්‍රී ලංකාවේ තිබෙන රැකියා ප්‍රශ්නය විසඳීමට නම් රාජ්‍ය සේවයේ ඇති පුරප්පාඩු පිරවිය යුතුයි. ඒ වගේම පුද්ගලික අංශයේ රැකියා ප්‍රමාණය වැඩි කළ යුතුයි. ඒවා අර්ථසාධක අරමුදල් හිමි රැකියා බවට පත්කළ යුතුයි. එමෙන්ම ස්වයං රැකියා, කෘෂි කර්මාන්ත, ධීවර කර්මාන්තය ආදියට අප ආධාර උපකාර කළ යුතුයි. මෙම කටයුතු සාර්ථකව ඉටු කරනවා නම් රැකියා ඇති කරමින් ආර්ථිකය සංවර්ධනය කිරීමට අපට අවස්ථාව හිමිවෙනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රවී කරුණානායකට නැවතත් කැබිනට් අමාත්‍ය ධූරයක් ?

Mohamed Dilsad

හබරණ ඇතින්නියන්ගේ මරණය පිළිබඳ සැකයක්

Mohamed Dilsad

Voice of Media  ඇකඩමිය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය වැඩමුළුව සාර්ථකව අවසන් වෙයි

Mohamed Dilsad

Leave a Comment