ප්‍රමුඛ පුවත 1

රජයේ මාධ්‍ය ආයතන නව ප්‍රධානීන් සඳහා පත් වීම් ලිපි භාර දෙයි

(UTV| කොළඹ) – රජයේ විද්‍යුත් මාධ්‍ය ආයතන  ප්‍රධානීන් සඳහා නව පත්වීම් ප්‍රදානය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද දින (16) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කරනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වශයෙන් චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මියද, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති වශයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන/ සැලසුම්) තිලකා ජයසුන්දර මහත්මියද, සැලසිනේ ආයතනයේ සභාපති වශයෙන් උමා රාජමන්ත්‍රී මහත්මියද, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වශයෙන් හිටපු සභාපති සිද්ධික් මොහොමඩ් ෆාරුක් මහතාද පත්වීම් ලබා ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මැතිතුමා  සහ මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාද සහභාගී විය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/ITN-CHAIRMAN-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/CELACINE-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/SLBC-CHAIRMAN-UTV-NEWS.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

ජනාධිපතිවරණයට අදාළ මූලික කටයුතු අවසන්

Mohamed Dilsad

මඩකලපුව සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

Mohamed Dilsad

Leave a Comment