ප්‍රමුඛ පුවත 1

විමසිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් උපදෙස්

(UTV| කොළඹ) – පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් කදුකර ප්‍රදේශවල, ගංගා අශ්‍රිත ප්‍රදේශවල හා ජලාශ පහළ ප්‍රදේශවල සිටින ජනතාව විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

පවතින කලගුණ තත්ත්වය හා ආපදාවලින් ජනතාව වළක්වාගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් ප්‍රදීප් කොඩිප්පිලි මහතා මෙසේ ද පැවසී ය.

මේ වනවිට දිවයිනේ පහළ වයුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අද රාත්‍රියේ දැඩි වර්ෂාපතනයක් රටේ බෝහෝ ප්‍රදේශවලින් බලපොරොත්තු වෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වර්ෂාව ඇතිවීමේ විභවතාවයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම ,සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඹ, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100 ඉක්මවූ වැසි සහිත තත්ත්වයන් බලාපොරොත්තු විය හැක.

කඳුකර ප්‍රදේශවල සිටින ජනතාව, නාය යෑම් අවදානම ඇති ප්‍රදේශවල සිටින ජනතාව අඛණ්ඩව විමසිලිමත් වීම වැදගත් වෙනවා. නාය යෑම් ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වන්න. ආගන්තුක දිය උල්පත් මතුවීම, ගස්  ඇලවීම, පොළොවේ ඇති පැලුම් නිරීක්ෂණය කිරීම,බිත්ති පුපුරා යෑම්, වැනි කරුණු පිළිබඳව ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු වෙනවා. නාය යෑම් ලක්ෂණ දුටු වහාම ආරක්ෂිත පියවර අනුගමනය කිරීමටත්,ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්වීමටත් සූදානම් වීමත් සිදු කළ යුතු වේ.

ගංඟ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වන්න. මල්වතු ඔය, අත්තනගලු ඔය, කළු ගඟ, කැළණි ගඟ, ගිං ගඟ සහ නිල්වලා ගඟ දෙපස ජනතාව මෙම කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

දැදුරු ඔය ජලාශයේ වාන් දෝරටු විවෘත කර තිබෙනවා. පහළ ප්‍රදේශවල ජනතාව විශේෂ අවධානයක් යොමු කිරීම  වැදගත් වෙනවා.පවතින වැසි තත්ත්වය සමඟ ගංගා වල ජල මට්ටම වැඩි වීමක් ඇති විය හැකි වෙනවා. ගංගා දෙපස ජනතාව මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න. අත්තනගලු ඔය සහ කැලණිගඟ ,කළු ගඟ, ගිං  ගඟ සහ නිල්වලා ගඟ කියන ප්‍රදේශ, කැලණි ගඟ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව, කොළඹ, කැලණිය,කොළොන්නාව,  බියඟම,කඩුවෙල, හංවැල්ල,දොම්පේ ,සහ රුවන් වැල්ල ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වන්න. කළුගඟ අවට  ජනතාව, කළුතර, දොඩංගොඩ,මිල්ලණිය, මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, පලින්ද  නුවර,කිරිඇල්ල,කුරුවිට, ඇලපාත හ රත්නපුර ජනතාව විමසිලිමත් වන්න.

ගිංගග ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව බද්දේගම, බෝපේ පෝද්දල, දිවිතුර,වැලිවෙරිය,නාගොඩ,නියාගම,තවලම සහ නෙළුව යන ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වන්න. පවතින වැසි තත්ත්වය ඉදිරියට වැඩි වුවහොත් නිල්වලා ගඟ  ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාව මාතර ,කඩවත් සතර, තිහගොඩ,කඹුරුපිටිය, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ සහ  පිටබැද්දර, යන ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වීම වැදගත් වේ.

සියලු ගංගා දැනට සමාන්‍ය මට්ටමේ පවතින්නේ. ඇතිවිය හකි වැසි තත්ත්වය නිසා ජනතාවට මතක් කර  සිටිනවා,විමසිල්ලෙන් පසුවන ලෙස. වාරි ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න.

ආරක්ෂිත මල්ල පිළිබඳව දැනුවත් කළා. ජනතාව දැනුවත් කිරීම ආරම්භ කළා. ග්‍රාම නිලධරී වසම් 1413ක මෙම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරනවා. හදිසි ඉවත් වීමක් අවශ්‍ය වුවහොත් අත්‍යාවශ්‍ය බඩු සහිත මල්ල ළඟ තබා ගන්න. ලැබෙන උපදෙස් අනුව ක්‍රියා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 117 දුරකථනය පැය 24 පුරා මෙම සියලු දත්ත සමඟින් විවෘතයි යැයි ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නියෝමාල් රංගජීවට ස්ථාන මාරුවක්

Mohamed Dilsad

ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක නම් කිරීම අද

Mohamed Dilsad

SLIDA හරිත සතිය අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment