ප්‍රමුඛ පුවත 1

අධ්‍යාපනයට වෙන්කළ මුදල් කපා හරින්නැයි කල ඉල්ලීම් ජනපති හෙළි කරයි

(උදයම්,කොළඹ)  – මේ වන විට ,ශ්‍රී ලංකාවේ පාසල් රැසක අඩුපාඩු තිබෙන බවත්, එසේ තිබියදී  පළාත් සභාවල අධ්‍යාපනයට වෙන්කළ මුදල් වෙනත් විෂයන්වලට මාරු කරන ලෙස ඇතැම් පළාත් සභා අධ්‍යාපන ඇමතිවරුන් ඉල්ලූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඞී.එස් සේනානායක විද්‍යාලයේ දී අද (10) පැවති එහි 50 වන සැමරුම් උළෙලට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

“රටේ දරු පරපුර හා තරුණ පරපුර රටට බරක් නොව පින්වන්ත පිරිසකි.අනාගතයේදී රටේ බාර ගැනීමට ඔවුන් නවීන තාක්‍ෂණික ලෝකයට ගැළපෙන ලෙස සූදානම් කළ යුතුයි” යැයිද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් නිසි ලෙස භාවිතා වෙනවා ද යන්න ගැටළුවක් බවත් එහිදී ප‍්‍රමුඛතාවය දිය යුතු අංශ පිළිබඳව පාසල්වලට මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන්ට කියා දීමට සිදුව ඇති බවත් සිරිසේන මහතා සඳහන් කළේය.

Related posts

රථ වාහන දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වී සිටින රියදුරන්ට සහනයක්

Mohamed Dilsad

කල් ගිය ශ්‍රීලනිප තීරණය

Mohamed Dilsad

රනිල් ජනාධිපති කොමිසමෙන් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment