ප්‍රමුඛ පුවත 1

නායයෑම් ගැන සැලකිලිමත් වන්නැයි උපදෙස්

(UTV| කොළඹ) – දිවයිනට ඇද හැලෙන වර්ෂාපතනයේ අඩුවීමක් පසුගිය පැය කිහිපය තුළ වාර්තා වී ඇතත් ප්‍රධාන ගංගාවල පහළ පෝෂක ප්‍රදේශයන්හී ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇති බව වාර්තා වේ.

නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ, කැළණි ගඟ, අත්තනගලු ඔය, මහවැලි ගඟ, හා මා ඔයෙහි ජල මට්ටම මේ අනුව තවදුරටත් ඉහළ යමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් ගංවතුර තර්ජනයට ලක්විය හැකි ප්‍රදේශ පිළිබඳවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දීමක් සිදු කර තිබේ.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ දිස්ති‍්‍රක්ක 05ක් තවදුරටත් නායයාම් අවදානමේ පසුවන බවයි. රත්නපුර, කළුතර, කෑගල්ල, නුවරඑළිය හා මහනුවර එම දිස්ති‍්‍රක්ක වේ.

රත්නපුර දිස්ති‍්‍රක්කයේ අයගම, කොලොන්න, නිවිතිගල, කලවාන, කිරිඇල්ල, පැල්මඩුල්ල සහ කහවත්ත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අවදානම් සහිත ප‍්‍රදේශයයි.

කළුතර දිස්ති‍්‍රක්කයේ අගලවත්ත, බුලත්සිංහල, වළල්ලාවිට සහ ඉංගිරිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවද නායයාම් පිළිබඳ අවදානයෙන් පසුවිය යුතු වේ.

කෑලග්ග, ගලිගමුව, මාවනැල්ල, යටියන්තොට සහ අරණායක යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කෑගල්ල දිස්ති‍්‍රක්කයේ අවදානම් සහිත ප‍්‍රදේශයි.

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ නුවරඑළිය හා කොත්මලේ මෙන්ම පස්බාගේ කෝරළයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවද නායයාම් පිළිබඳ අවදානයෙන් පසුවිය යුතුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උදෑසන පැවතී ඝන මීදුමට හේතුව කියයි

Mohamed Dilsad

අගමැතිට එරෙහි විශ්වාස භංගය ලබන සතියේ පාර්ලිමේන්තුවට?

Mohamed Dilsad

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment