ප්‍රමුඛ පුවත 1

ආපදා තත්ත්වයෙන් 68000ක් පීඩාවට

(UTV| කොළඹ) – මේ අතර දිස්ත්‍රික්ක 14කට බලපා වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වූ 24000කට අධික පිරිසක් තවදුරටත් කඳවුරුගතව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, වර්ෂාවෙන් 68000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ය.

අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 9කි.

කැලණි, කළු ,ගිං හා නිල්වලා ගංගා තවදුරටත් ස්ථාන කිහිපයකින් ගංවතුර මට්ටමේ පවතින බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ය.

ඊයේ රාත්‍රියේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ අඩුවක් පැවති බව අප වාර්තාකරුවන් පැවසීය.

මේ අතර අධික වර්ෂාවත් සමග ඊයේ රාත්‍රියේ උඩවලව ජලාශ්‍රයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් ජලාශ්‍රය පහළ වළවේ ගඟ භාවිත කරන ජනතාව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුද්ගලයන් 64,608 ක් පීඩාවට – වැඩිම බලපෑම මඩකලපුව දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

විශ්ව විද්‍යාල ආරම්භය පිළිබඳව අවසන් තීරණය අද

Mohamed Dilsad

Leave a Comment