ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළට

(UTV| කොළඹ) – 2018 – 2019 වසරේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් වැටුප් 34% කින් ඉහළ නංවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ විශාලමය මූල්‍ය ප්‍රගතිය මත මෙම තීරණය ගත් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ ලාභයට දායකත්වය ලබාදුන් ක්‍රීඩකයින් ඇගයීම සඳහා කොන්ත්‍රාත් ගිවිසුම්වලට එලැඹ ඇති ක්‍රීඩකයින් 33 දෙනාගේ වැටපු ඉහළ නංවන බවට එම ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ඔවුන්ට අමතරව ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රීඩකයින්ගේ තරග දීමනා ද ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි අදාළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් වර්ගීකරණය කර ඇති ඒ, බී, සී, ඩී සහ ප්‍රිමියර් යන කාණ්ඩ යටතේ වැටුප් වැඩි කර තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, සුරංග ලක්මාල් සහ දිමුත් කරුණාරත්න ඒ කාණ්ඩයට අයත් ය.

බී කාණ්ඩයට ඇතුළත්ව සිටින්නේ, උපුල් තරංග සහ දිල්රුවන් පෙරේරායි.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා සහ තිසර පෙරේරා සී කාණ්ඩය යටතේ වැටුප් වැඩිවීම්වලට හිමිකම් කියනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නායක ජේසන් හෝල්ඩර් විවේක ගන්වයි

Mohamed Dilsad

ලබන මාසයේ සිට යළිත් ශ්‍රී ලංකාවට ක්‍රිකට් උණුසුම

Mohamed Dilsad

හොකී ලෝක කුසලාන සත්කාරකත්වය ඕමානයට

Mohamed Dilsad

Leave a Comment