ප්‍රමුඛ පුවත 1

විපතටපත් සංඛ්‍යාව එක් ලක්‍ෂ 19 දහසට අධිකයි.

(UTV| කොළඹ) – දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 119,840 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, මරණ 11 ක් වාර්තා වන වන බව අපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පීඩාවට පත්වූ ජනතා අවතැන් කදවුරු 229ක රදවා ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

වර්ෂාවත් සමඟ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඊයේ රාත්‍රියේ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ගංඟා ආශ්‍රිත පහත් බිම්වල ජනතාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් ඉවත් කෙරුණි.

ඒ අනුව රත්නපුර, කිරිඇල්ල, ඇලපාත, කුරුවිට, කළුතර, මදුරාවල, දොඩම්ගොඩ, හොරණ, පාලින්ද නුවර, බුලත්සිංහල, ඉංගිරිය, යන ප්‍රදේශවල ජනතාව ආරක්ෂක ස්ථානවලට යොමුකර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධිවේගයේ අනතුරකින් විදේශිකයන් 3ක් මරුට

Mohamed Dilsad

විරෝධය හමුවේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක්,ළඟදීම ගම් පෙරළිය වැඩසටහනින්

Mohamed Dilsad

Leave a Comment