ප්‍රමුඛ පුවත 1

මෙරට තොරතුරු දැනගැනීමේ නීතිය ලෝකයේ තුන්වැනි තැනට

(උදයම්,කොළඹ)  –  ලෝකයේ තොරතුරු දැනගැනීමේ නීතීන් ශ්‍රේණිගත කරනු ලබන කැනඩාවේ නීතිය සහ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය සඳහා වූ මධ්‍යස්ථානය විසින් පසුගිය බ්‍ර‍හස්පතින්දා ප්‍ර‍කාශයට පත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ නීතිය ලෝකයේ හොඳම තෙවැනි තොරතුරු දැනගැනීමේ නීතිය ලෙස ශ්‍රේණිගත කර තිබේ.

මුලින් ශ්‍රී ලංකාවේ තොරතුරු පනත ලෝකයේ හොඳහ හත්වැනි පනත ලෙස ශ්‍රේණිගත කර තිබූණි.

ඊට මාස කිහිපයකට පසු එය 9 වන ස්ථානයට පත් වූ අතර පසුගිය සතියේ පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ගැසට් පත්‍ර‍යක් මඟින් ප්‍ර‍කාශයට පත් කරන ලද නීති හා රෙගුලාසි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට ලැබී තිබූ ලකුණු ප්‍ර‍මාණය 10කින් ඉහළයාම නිසා අනෙක් රටවල් අභිබවා ශ්‍රී ලංකාව තෙවැනි තැනට පත්ව ඇත.

එම නීති සහ රෙගුලාසි ගැසට් කෙරුණේ තොරතුරු දැනගැනීමේ කොමිසමේ  ද සහයෝගය සහ එකඟත්වය මතයි.

මෙම ශ්‍රේණිගත කිරීම් තුළ අනුපිළිවෙළින් පළමු වන සහ දෙවන ස්ථාන ලබාගෙන ඇත්තේ මෙක්සිකෝව සහ සර්බියාව යන රටවල්ය.

මෙම නව ජයග්‍ර‍ණයත් සමඟ දකුණු ආසියාවේ හොඳම තොරතුරු නීතිය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණේ. ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියාවට හිමිව ඇත්තේ පස්වන ස්ථානයයි.

‘මෙය ශ්‍රී ලංකාව රටක් ලෙස ලබාගත් සුවිශේෂි ජයග්‍ර‍හණයක්. ඒ වගේම ජනතාවට තොරතුරු අයිතිය ලබාදෙන ක්‍රියාවලිය ආරම්භ කළ විගසම අප ලෝකයේ තුන්වැනි තැනට පත්වීම පිළිබඳ අපි කවුරුත් සතුටුවිය යුතුයි. යහපාලනය ශක්තිමත් කර රටේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ස්ථාපිත කරන්නට රජයක් ලෙස අප දරණ වෑයමට ලැබෙන මේ අන්තර්ජාතික ප්‍ර‍තිචාරවලින් අප තව තවත් ශක්තිමත් වෙනවා” යැයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

 

Read 26 times

Related posts

පාසැලේ ගසකට නැගි සිසුවාට වුණු දේ

Mohamed Dilsad

උදයංග වීරතුංග අධිකරණයේ පෙනී සිටීමට සුදානම්

Mohamed Dilsad

අවුරුදු සමයේ රතිඤ්ඤා භාවිතයේදී සැලකිලිමත් වන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment