ප්‍රමුඛ පුවත 1

අද සිට සීගිරිය නැරඹීමට ප්‍රවේශ පත්‍ර‍ අන්තර්ජාලයෙන්

( උදයම්,කොළඹ)  –  දෙස් විදෙස් සංචාරකයින්ගේ සුවිශේෂ අවධානය යොමු වූ ඓතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ලෝක උරුම සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීමේ දී ඇතිවන අපහසුතා සහ තදබදය වළක්වාලීමේ අරමුණින් සහ සංචාරක පහසුකම් අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් අන්තර්ජාලයෙන් අදාළ ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත  මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබේ.

ඒ අනුව නව තාක්ෂණය උපයෝගී කරගනිමින් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සීගිරියේ ස්ථාපිත කර ඇති සංචාරක ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම් මධ්‍යස්ථානය අද (11) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කරන මෙම ප්‍රවේශ පත්‍ර මාස තුනක කාලයක් සඳහා වලංගු වනවා. විශේෂයෙන් ම සංස්කෘතික වටිනාකමක් සහිත ස්ථානයන් නව තාක්ෂණය සමඟ බද්ධ කරමින් විදේශීය සංචාරකයන්ට මෙරටට පැමිණීමට පෙර අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර ඇණවුම් කිරීමේ පහසුව සලසාදීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ තාක්ෂණික සහය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ලබා දී තිබෙනවා.

වසර 2,700 ක් පැරණි සංරක්ෂණය කරන ලද ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය විවෘත කෙරේ.

දශක කිහිපයක් තිස්සේ දේශීය හා විදේශීය පුරා විද්‍යාඥයින්ගේ නොමඳ අවධානයට පත් වූ වසර 2,700 ක් පැරණි මෙගලිතික යුගයේ මහා ශිලා සුසාන භූමියක් ලෙස හඳුනාගෙන ඇති ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය වසර කිහිපයක් තිස්සේ විනාශ වෙමින් පැවතුණා. මේ පිළිබද විශේෂ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උරුම කළමනාකරණ වැඩසටහනක් ලෙස මෙය සංරක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඒ අනුව අධ්‍යාපනය සංචරණය සංරක්ෂණය සහ ප්‍රජාව යන මූලික තේමාවන් ඔස්සේ මෙහි සංවර්ධන කටයුතු 2015 වසරේ සිට දියත් කෙරුණා.

ඒ අනුව සංරක්ෂණය කරන ලද ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය සංචාරකයන් සඳහා විවෘත කිරීම අද  දින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පාසල් පෙළපොත්වල ඉබ්බන්කටුව මෙගලිතික සුසානභූමිය පිළිබඳව විෂය කරුණු ඇතුළත්ව ඇති අතර ඉදිරියේ දී පාසල් දරුවන්ට ද අධ්‍යාපනික අවශ්‍යතා මත මෙම ස්ථානය නැරඹීමට හැකියාව උදාවෙනවා. එසේම දේශීය හා විදේශීය සංචාරකයන‍්ට නැරඹීමට හැකි පරිදි අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතව මෙම ස්ථානය සකස් කර ඇති අතර සංචාරකයින්ගේ පැමිණිම මගින් ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන ග්‍රාමීය ජනතාවට සෘජු හා වක්‍ර ආදායම් මාර්ග රැසක් ද උත්පාදනය වනු ඇති.

Related posts

“දකුණු ලකට අලුත් මගක් ” ඇරඹේ

Mohamed Dilsad

අනුරුද්ධ පොල්ගම්පලගේ පත්වීම අවලංගුයි

Mohamed Dilsad

2025 වන විට අධ්‍යාපනයට අය-වැයෙන් වෙන් කරන මුදල සියයට 6ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment