ප්‍රමුඛ පුවත 1

විදුලි සේවකයින්ගේ වර්ජනය දැඩිවේ,ජල සේවකයිනුත් වර්ජනයක

(UTV| කොළඹ) – විදුලි ඉංජිනේරුවන් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දැඩි කර තිබේ.

විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ සති අන්ත රාජකාරිවලින් මෙන්ම හදිසි බිඳවැටීම් සහ අලූත්වැඩියා කටයුතුවලින්ද ඉවත්වන බවයි.

දිගුකාලීන විදුලිජනන සැලැස්මට මහජන උපයෝගී කොමිසම මෙතෙක් අනුමැතිය ලබානොදීමට විරෝධය පළ කරමින් පසුගිය 9 වනදා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

මේ අතර  ජල සහ පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් ද අද වර්ජනයක නිරත  වෙයි.

වැටුප් වැඩි නොකිරීමේ ගැටළුවක් මුල් කරගනිමින් අද පැය 4 ක සංකේත වර්ජනයක නිරතවන බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සේනා දළඹු වසංගතය පැතිරෙන ලකුණු

Mohamed Dilsad

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ලබන 15 වනදා සිට

Mohamed Dilsad

පුරාවිද්‍යා අපරාධ වලට පනවන දඩ මුදලට කැබිනට් අනුමැතිය.

Mohamed Dilsad

Leave a Comment