ප්‍රමුඛ පුවත 1

එක්සත් ජනපද කොන්ග‍්‍රස් කමිටුවේ නියෝජිතන් ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – සන්නද්ධ සේවා පිළිබඳ එක්සත් ජනපද කොන්ග‍්‍රස් කමිටුවේ නියෝජිත පිරිසක්  (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිිරිසේන මහතා හමුවිය.

නියෝජිත පිරිස එම කමිටුවේ සභාපති McClellen Thornberry, Enrique Cuellar, Vicky Hartzler, Carol Shea-Porter යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතය.

ශ‍්‍රී ලංකාව ලෝකයේ සියලු රටවල් සමග සහයෝගයෙන් සහ මිත‍්‍රශීලීත්වයෙන් කටයුතු කරන රටක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා, ශ‍්‍රී ලංකා හමුදා පුහුණු අවශ්‍යතාවලදී එක්සත් ජනපදයෙන් ලැබෙන සහය විශේෂයෙන් සිහිපත් කළේය.

ශ‍්‍රී ලංකාව සහ ඇමරිකාව අතර නිතර හමුදා පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක වන බවත් එම වැඩසටහන් තව දුරටත් ප‍්‍රවර්ධනය කරමින් ආරක්ෂාව සඳහා තාක්ෂණික දැනුම වැඩි වශයෙන් යොදා ගැනීමේ අවශ්‍යතාවයත් පෙන්වා දුන් ජනාධිපතිතුමා, නූතන ලෝකයේ තාක්ෂණයෙන් තොර ආරක්ෂාවක් නොමැති බව ද අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගලා එන සැපයුම් මාර්ග පාලනයට එක්සත් ජනපද ආරක්ෂක අංශවල සහය වැදගත් වන බව ද ඒ වෙනුවෙන් දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය ඉතා වැදගත් වන බව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය වැළැක්වීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට සහය දැක්වීමට කැමැත්ත පළ කළ කොන්ග‍්‍රස් කමිටු සාමාජිකයෝ, ශ‍්‍රී ලංකාව ශක්තිමත් සහ සමෘද්ධිමත් රටක් ලෙස ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය සහය ලබාදීම තම රටෙහි ප‍්‍රතිපත්තිය බව සඳහන් කළහ.

ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව මෙන්ම ලෝක සාමය වෙනුවෙන් ද අතිශය වැදගත් බව සඳහන් කළ නියෝජිතයෝ, දෙරට අතර ආරක්ෂාව සහ ආරක්ෂක හමුදා සහයෝගීතාවය වඩා ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ගත හැකි නව පියවර පිළිබඳ සොයා බැලීම තම ශ‍්‍රී ලංකා සංචාරයේ අරමුණ බව සඳහන් කළහ.

මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම්, ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් යන මහත්වරු ද එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුද්ගල මරණයක් සඳහා අලාභ අයකර ගැනීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට…

Mohamed Dilsad

බදුල්ලේ රික්ටර් මාපකයේ 3 .5ක භූ කම්පනයක් ….

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට

Mohamed Dilsad

Leave a Comment