(UTV| කොළඹ) – ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ සියයට 25 ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින්දනි.
අද පෙරවරු 9ට ආරම්භ කළ මෙම සංකේත වර්ජනය පස්වරු 1 දක්වා ක්රියාත්මක වීමට නියමිත බව ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා පැවසීය.
මීට අමතරව, සති අන්තයේදී නඩත්තු කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගයක ද නිරත වන බවද ඔහු කියා සිටියේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]