ප්‍රමුඛ පුවත 1

වැසි තත්ත්වයේ වර්ධනයක්

(UTV| කොළඹ) – දිවයිනේත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ දී (ජුනි මස 06 වන දින සිට) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දැනට දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ වළාකුලින් බර ස්වභාවය තවදුරටත් පවතිනු ඇත.

බස්නාහිර,දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථානවලට,විශේෂයෙන් සබරගමුව සහ මධ්‍යම පළාත්වල මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැක.

දකුණු පළාතේ මොණරාගල, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල  විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාස 08ක කාලයක් තුළ ඩීසල් හා පෙට්‍රල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

අ.පො.ස සාමාන්‍ය පෙල පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර හෙට (08) සිට…

Mohamed Dilsad

ඡන්ද කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීම ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment