ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් අත්අඩංගුවට

(UTV|යාපනය) – ඩිංගි යාත්‍රාවක් සමග පුද්ගලයින් 7 දෙනෙකු නාවික හමුදා භාරයට තිබේ.

ඒ උතුරු මුහුදේ යාත්‍රා කරමින් තිබියදීය. මෙම පිරිස නීතිවිරෝධී සංක්‍රමණිකයින් බවට සැක කෙරේ.

කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් යාත්‍රා කරන බව නාවික හමුදාව නිරීක්ෂණය කර තිබේ.

පසුව ඒ දෙසට නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවිමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව කළ වැටලීමේදී නිති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට පුද්ගලයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හා එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය.

මෙම පුද්ගලයින් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ සඳහා කන්කසන්තුරේ පොලීසිය වෙත භාර දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාතලේ මහනගර සභාවේ අයවැය දෙවන වතාවටත් පරාදයි

Mohamed Dilsad

මන්ත්‍රී විමල්ට කාරක සභා රැස්වීම් සදහා එක්වීමට අවස්ථාව

Mohamed Dilsad

පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථ වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment