ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු සංකීර්ණය භූමියේ පැවරුම් සහතික පිරිනැමීමට සුදානම්

(UTV| කොළඹ) – ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමිය සඳහා කතානායක කරු ජයසූරිය මහතා වෙත  පිරිනැමීම ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා හෙට (05) වන දින සිදු කෙරේ.

වර්ෂ 2018 පොසොන් මස 05 වෙනි අගහරුවාදා වන දිනය ශ‍්‍රි ලංකාවේ ව්‍යවස්ථාදායක බලය ක‍්‍රියාත්මක කරන කේන්ද්‍රස්ථානය වූ පාර්ලිමේන්තුවට සුවිශේෂි මෙන්ම ඓතිහාසික දිනයකි.

මෙලෙස සුවිශේෂි වීමට හේතු වන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමි භාගය උදෙසා නියමිත පරිදි සලකුණු කරන ලද විධිමත් පැවරුම් සහතිකයක් ලබාදීම නිසාය.

මෙතෙක් පාර්ලිමේන්තු සංකිර්ණය පිහිටි භූමියේ අයිතිය ලබා දී තිබුණේ සාම්ප‍්‍රදායික නාම මාත‍්‍ර සන්නසක් මඟිනි. ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් අමාත්‍ය ධූරයට පත් වීමෙන් අනතුරුව ඉඩම් කටයුතු කඩිනම් කිරීම උදෙසා සාකච්ඡා කිහිපයක්ම පවත්වන ලදී. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවලට වෙන් කර දී ඇති ඉඩම් ප‍්‍රශස්ත මට්ටමින් කළමනාකරණය කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. පාර්ලිමේන්තු පිහිටි භූමියේ අයිතිය නීත්‍යානුකූලව හා නිරවුල්ව ලබා දීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය හා ඉඩම් කොමසාරිස් ජනරල් දෙපාර්තමේන්තුව මෙම කටයුත්ත සඳහා යුහුසුළුව සිය දායකත්වය ලබා දී තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමි භාගයට හෙක්ටයාර්  දහ අටක් අයත් ය. එමෙන්ම එම භූමිය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුනක් පුරා විහිදි පවති. ශ‍්‍රි ජයවර්ධනපුර, කඩුවෙල හා මහරගම එම ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයන් ය. මේ සත් කාර්යය සිදු කිරීමේ දි එම ප‍්‍රාදේශිය ලේකම්වරුන්ගෙන් ලද සහාය ද බස්නාහිර පළාත් ඉඩම් කොමසාරිස් හා නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබා දුන් සහාය ද අගය කළ යුතුය. එමෙන්ම මෙම භූමිය නිරවුල්ව මැන සකස් කළ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ද විශේෂ ස්තූතිය පිරිනැමිය යුතුය.

ශ‍්‍රි ලංකාවේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දැන් වසර හැත්තෑවකි. කොල්ලුපිටියේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිට ක‍්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායකය වර්තමාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගෙවැදි දැන් දශක හතරක් ගතවී අවසන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනාධිපති ඇතුළු පිරිසක් සයින්දමරුදු  ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

ලෙබනන් සාම සාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස්

Mohamed Dilsad

මුම්බායි නුවරට ගුවන් යානයක් කඩා වැටෙයි.පස්දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment