Trending News

මැද පෙරදිග කලාපයේ ප්‍රථම යුනෙස්කෝ නිර්මාණාත්මක නගරය – ඩුබායි

(UTV|ඩුබායි) – මැද පෙරදිග කලාපයේ ප්‍රථම යුනෙස්කෝ නිර්මාණාත්මක නගරය බවට ඩුබායි නගරය පත්වෙයි.

පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යුනෙස්කෝ ආයතනය නිවේදනය කළේ මැද පෙරදිග කලාපයේ ප්‍රථම යුනෙස්කෝ නිර්මාණාත්මක නගරය බවට ඩුබායි නගරය පත්වෙයි.

වසර 2004 දී ආරම්භ කරන ලද යුනෙස්කෝ ආයතනය, වර්තමානයේ රටවල් 72 ක සාමාජිකයින් 180 දෙනෙකු සාමාජිකත්වය දරයි.

ඔවුන් කලා හා ශිල්ප, නිර්මාණ, චිත්‍රපට, සාහිත්‍ය සහ මාධ්‍ය කලාවන් වැනි නිර්මාණාත්මක ක්ෂේත්‍ර ආවරණය කරයි.

තිරසාර නාගරික සංවර්ධනයක් සඳහා උපාය මාර්ගික සාධකයක් ලෙස නිර්මාණශීලීත්වය හදුනාගත් නගර හා නගර අතර සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.

මෙම තෝරා ගැනීම සම්බන්ධයෙන් ඩුබායිහි උප ජනාධිපති, අගමැති හා ඩුබායිහි පාලකයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා සිය කෘතඥතාව පළ කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඒකාබද්ධ විපක්ෂයක් වෙනුවෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

திமுத் மன்னிப்புக் கோருகிறார்

Mohamed Dilsad

Emma Watson donates £1m to anti-harassment campaign

Mohamed Dilsad

Leave a Comment