ප්‍රමුඛ පුවත 1

විදේශිකයින්ට ලංකාවේ ඉඩම් විකුණන සිතියම ඇන්දේ රාජපක්ෂ පාලන සමයේ දී – ඇමති සාගල කියයි

(UTV| කොළඹ) – විදේශිකයින්ට මෙරට ඉඩකඩම් කිසිදු වග විභාගයකින් තොරව විදේශිකයින්ට ලබා දීම වෙනුවෙන් සිතියම් සකස් කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී බව ව්‍යාපෘති කළමණාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර සිටියේ කඹුරුපිටිය බිබුලවෙල ප්‍රදේශයේ විදුලි යෝජනා ක්‍රමයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවේ දී මාධ්‍යෙව්දීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහි දී මාධ්‍යෙව්දීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ශ්‍රී ලංකා – සිංගප්පූරු වන නිදහස් වෙළඳ ගිවිසුම හරහා මෙරට ඉඩම් විදේශිකයන්ට ලබා දෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන බවට ඒකාබද්ධ විපක්ෂය විසින් සිදුකරන ප්‍රකාශ සත්‍යයක්ද යන්නයි.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ද කීය.

විදේශිකයින්ට ලංකාවේ ඉඩම් දෙන්න අලුත් සිතියමක් හැදුවේ අපි නෙවේ. ඒ සිතියම හැදුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ රජය කාලයේයි. පොර්ට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කරලා කිසිඳු බැඳීමක් ඇති නොකරගෙන ඒ ඉඩම්වල අයිතිය වෙන රටකට පවරන්න හැදුවේ ඒ කාලේග අපේ රජය ඇවිත් නැවත ඒ ගිවිසුම හරියට සකස් කරලා ඒ ඉඩම්වල අයිතිය පිළිබඳ පැහැදිළිතාවයක් ඇති කරගෙන අපි කටයුතු කලා.

රටක් දියුණු වෙනකොට අපිට විවධ වෙළඳ ගිවිසුම් අවශ්‍යය වෙනවා. අපේ අපනයන යවන්න අපිට වෙළඳපොළක් අවශ්‍ය වෙනවා. ඒ නිෂ්පාදන යවන්න හේතුවක් තියෙන්න ඕන. වෙළඳ ගිවිසුමක් තියෙන රටවල් දෙකක් අතර ආනයන අපනයන සිදුවෙනකොට විශේෂ සහන ලැබෙනවා. ඉතින් ඒ වගේ වෙළඳ ගිවිසුම් වලින් ලැබෙන වාසි ලබා ගන්න අපි සූදානම් වෙන්න ඕන. රටක් වශයෙනුත් අපි ඒ සඳහා සූදානම් විය යුතුයි. යැයි අමාත්‍යවරයා කීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශී‍්‍ර දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

Mohamed Dilsad

ඕනෑම අගමැති කෙනෙකු සමඟ වැඩ කිරීමට ඉන්දියාව සුදානම්

Mohamed Dilsad

නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරට

Mohamed Dilsad

Leave a Comment