ප්‍රමුඛ පුවත 1

ගොවිජන මන්දිරය යළි ලබා දෙන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය නැවත ලබා දෙන ලෙස කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සඳහා මාසිකව රුපියල් කෝටි දෙකක මුදලක් කුලිය වශයෙන් ගෙවන බව වාර්තා වෙයි.

මෙය අනවශ්‍ය මුදල් නාස්තියක් බැවින් ඒ සඳහා බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

අදාළ ස්ථානය පාර්ලිමේන්තුව ආශ්‍රිත කටයුත්තකට මේ වන විට ලබා දී ඇති බැවින් එය යළි තමන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කථානායකවරයාගෙන් ද ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යනු ලබන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලට වසර පහක කාලයක් වෙනුවෙන් මුදල් ගෙවා ඇති බවද වාර්තා වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපයට හොම්බෙන් යාමට වෙන්නේ ඇයි? ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි

Mohamed Dilsad

ගෝඨාභය තවමත් ඇමෙරිකානු රජය හා බැඳී සිටිනවා – මර්වින් [VIDEO]

Mohamed Dilsad

එජාපය හා ශ්‍රීලනිපය අභිබවා ජවිපෙ වැඩිම ආදායම් ලබන පක්ෂය වෙයි

Mohamed Dilsad

Leave a Comment