ව්‍යාපාරික

රන් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල දැන් සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1244 ශත 70ක් ලෙසයි.

එය රන් මිලෙහි සියයට 6කින් වර්ධනයකි.

පසුගිය මාස එකහමාරක කාලයේදී  දිගින් දිගටම  මිල වර්ධනය වුණි.

පවතින ලෝක වෙළඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන් වැඩි වශයෙන් මිලදී ගැනීමට ආයෝජකයන් පෙළඹී සිටින බව වාර්තාවේ.

ඩොලර් විනිමයට සාපේක්ෂව පසුගිය දින 30 තුළ රන් මිල සියයට 4.3කින් වර්ධනය වී ඇති අතර, යුරෝ විනිමයට එරෙහිව සියයට 3.38කින් සහ බ්‍රිතාන්‍ය පවුමට එරෙහිව සියයට 1.5කින් ඉහළ ගොස් තිබේ.

Related posts

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම්

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර මුව ආවරණ ඇතුළු නිෂ්පාදන සොයා වැටලීම්

Mohamed Dilsad

සංචාරකයින් රැසක් රටින් පිට වෙයි

Mohamed Dilsad

Leave a Comment