ප්‍රමුඛ පුවත 1

පස්වරු 4.00 න් පසු අක්මා බද්ධ සැත්කම් සිදු කිරීමට අවධානය

(UTV| කොළඹ) – කොළඹ ජාතික රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේ දී අක්මා බද්ධ සැත්කම් පස්වරු 4.00 න් පසු සිදු කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුව ඇත.

එමගින් පොරොත්තු ලේඛනය අවම කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසත්, පස්වරු 4.00 න් පසු සිදු කරන සැත්කම් සඳහා අවශ්‍ය නම් ගෙවීම් කිරීමට සුදානම් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා එම රෝහල්වල අක්මා බද්ධ සැත්කම් විශේෂඥ වෛද්‍යවරුන්ට දැනුම් දී ඇත.
මේ වන විට කොළඹ ජාතික රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ සැත්කම් 30 ක් පමණ සිදු කර ඇත. අක්මා බද්ධ සැත්කම් නොමිලේ සිදු කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රාගම ශික්ෂණ රෝහලේ ඉදිකරන නව ගොඩනැගිල්ලේ පිහිටි දැඩි සත්කාර ඒකකය තුළ ද අක්මා බද්ධ සැත්කම් සිදු කිරිමට සැළසුම් කර ඇත. තව ද එම සැත්කම් සඳහා අවශ්‍ය අවයව ගුවනින් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.
මේ පිළිබඳව ගුවන් හමුදාපතිවරයා සමග සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති ජාත්‍යන්තර මූල්‍ය නගරය නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

නව රජයට සහය දැක්වීමට ආපනශාලා වල ආහාර මිල පහළට

Mohamed Dilsad

මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා අද සහ හෙට

Mohamed Dilsad

Leave a Comment