විදෙස්

තුර්කියේ අධිකරණ ශාලාවකට එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මරුට

(උදයම්,තුර්කිය) – තුර්කියේ  ඉස්මීර් නගරයේ අධිකරණ ශාලාවකට එල්ල වූ ප්‍රහාරයකින් පොලිස් භටයෙක් සහ අධිකරණ සේවකයෙක් ජීවිතක්ෂයට පත්වෙති.

ප්‍රහාරයට පැමිණි දෙදෙනෙකු ද මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඊයේ දිනයේ ඉස්මීර් නගරයේ අධිකරණ ශාලාවේ පිවිසුමට මෝටර් රථයකින් කඩා වැදුණු ප්‍රහාරකයන් පොලිසිය සමඟ වෙඩි හුවමාරුවක නිරත වී ඇති අතර, පසුව මෝටර් රථ බෝම්බයක් ද පුපුරුවා හැර තිබේ.

මොවුන් රැගෙන ආ ආයුධ පරීක්ෂා කිරීමේදී මීට වඩා දැවැන්ත ප්‍රහාරයකට සූදානම්ව සිටි බව පැහැදිලි න බව තුර්කි බලධාරින් ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රහාරයන් අයි.එස්. සංවිධානය හෝ කුර්දි ගරිල්ලන් එල්ල කරන්නට ඇති බවට සැක කෙරේ.

Related posts

පාකිස්තානයේ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ලයන් 19ක් මරුට[VIDEO]

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදි යලි අග්‍රාමාත්‍ය ධූරයට.

Mohamed Dilsad

කැනඩා අගමැති බිරිඳටත් කොරෝනා ඇති බවට තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment