ප්‍රමුඛ පුවත 1

නියෝජ්‍ය කතානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා පත් වෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවැති රහස් ඡන්දයෙන් තේරී පත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමරසිරි මහතාට පක්ෂව ඡන්ද 97 ලැබුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියට පක්ෂව ඡන්ද 53 ක් ලැබුණි.

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපතිවරයා ඡන්දයෙන් පත් කිරීම අද (5) පාර්ලිමේන්තුවේ දී සිදු විය. නියෝජ්‍ය කතානායක තෝරා පත් කර ගැනීම සඳහා නම යෝජනා කරන ලෙස කතානායකවරයා විසින්  සභාවෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි  විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ නම යෝජනා කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික  පතිරණ මහතා විසින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතාගේ නම යෝජනා කළේ  ය.

නියෝජ්‍ය කතානායකවරයකු සඳහා නම් දෙකක් යෝජනා වී තිබෙන බැවින් රහස් ඡන්දයක් පැවැත්වීමට සිදුවන බව ඉන් අනතුරුව කතානායකවරයා සභාව වෙත දැනුම් දුන්නේ ය. අභිනවයෙන් තේරීපත් වූ නියෝජ්‍ය කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට කතානායක කරූ ජයසූරිය මහතා විසින් සුබපැතුම් එක් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව රජයට සහය දැක්වීමට ආපනශාලා වල ආහාර මිල පහළට

Mohamed Dilsad

ඇමති ධුර බෙදී ගිය ආකාරය ජනපති පහදයි[PHOTO]

Mohamed Dilsad

මංතීරු නීතිය යටතේ රියදුරන් 4765කට නීතිමය පියවර

Mohamed Dilsad

Leave a Comment