ප්‍රමුඛ පුවත 1

මුස්ලිම් කොංග්‍රසයේ පුටු මාරු වෙයි

 

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂයේ නායකයා ලෙස 17 වන වරටත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පත් කෙරේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 27 වන නියෝජිත සමුළුවේ දෙවන සැසිවාරය ඊයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි.

එහිදී පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය පසුගිය 11 වනදා රාත්‍රීයේ රැස්වී මෙම නව නිලධාරී මණ්ඩලය පත් කර තිබේ.

ඒ අනුව පක්ෂයේ නායකයා ලෙස 17 වන වරටත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පත් කර ගත් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කළේය.

සභාපති ධුරයේ කටයුතු කළ බසීර් සේගුදාවුද් මහතා එම ධුරයෙන් ඉවත් කර ඒ සඳහා මහලේකම් ධුරයේ කටයුතු කළ හසන් අලී මහතා පත් කිරීමට යෝජනා කර තිබේ.

එහෙත් අදාළ යෝජනාව හසන් අලී මහතා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩුව පවතින බව මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

Related posts

බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

චීන රජයෙන් ලැබුණු ජාතික වකුගඩු රෝහලට මුල් ගල් තැබීම අද

Mohamed Dilsad

Leave a Comment