ප්‍රමුඛ පුවත 1

ගංවතුරින් ආපදාවට ලක්වූ පිටබැද්දර ජනතාවට කෝටි 17 ට අධික වන්දි මුදල්

(UTV|මාතර) – 2017 වර්ෂයේ  මැයි මාසයේදී ඇතිවූ ගංවතුර හේතුවෙන් ආපදාවට ලක්ව නිවාස හානියට පත්වූ ජනතාව වෙනුවෙන් වන්දි ලබාදීමේ  වැඩසටහන යටතේ දෙනියාය ආසනයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන්දි ලාභීන් 604 දෙනෙකු සඳහා වන්දි ලබාදීම අද (07) පස්වරුවේ පිටබැද්දර නවෝද්‍යා පාසලේදී පැවැත්වුනා. ඒ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ අනුව රුපියල් කෝටි 17 ට අධික වන්දි මුදලක් මෙලෙස ලබාදෙනු ඇත.

එහිදී අමාත්‍යවරයා “පසුගිය වසරේ මැයි (2017) මාසයේදී ජනතාව ගංවතුරින් ආපදාවට පත්වූ අවස්ථාවේදී දේශපාලන යාන්ත්‍රනය මෙන්ම නිලධාරින්ද ජනතාවගේ ප්‍රශ්න විසදීමට මැදිහත්වූ බවත් අවස්ථා රැසකදීම ගරු අග්‍රාමාත්‍යතුමා දෙනියායට පැමිණ ජනතාවට සිදුවූ හානි තමන් විසින්ම සොයා බැලූ බව ද සඳහන් කළා.
එසේම 2003 වසරේ තමන් විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී අතීත ගංවතුර මතකය සිහිපත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ 2003 වසරේදීද ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ මූලිකත්වයෙන් ජනතාවට ලබාදෙන වන්දි මුදල් ඉහල දැමීමට කටයුතු කල බවයි.
ඒ අනුව, එකල චක්‍රලේඛනය අනුව පුර්ණ හානියකට පත්වූ නිවසකට රුපියල් විසි දහසක් සහ අර්ධ හානියකට රුපියල් පන්දහසක මුදලක් ලබාදෙන ලෙස පැවති බවත් ඒ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිරතවී සිටි සංචාරය පවා අතරමඟ නවතා දමා මෙරටට පැමිණ ගංවතුර හානි ප්‍රදේශ නිරීක්ෂණය කර, කරු ජයසූරිය මහතා හානියට ලක්වූ ජනතාවගේ නිවාස තැනීමට නායකත්වය ලබාදීමට පත්කළ බවත් එහිදී කරු ජයසූරිය මහතා ඉදිරිපත්කල තොරතුරු අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පුර්ණ හානි සඳහා ලබාදුන් වන්දි මුදල රුපියල් ලක්ෂය දක්වාත් අර්ධ හානි සඳහා ලබාදුන් රුපියල් පන්දහසක මුදල රුපියල් හතලිස් දහස දක්වා ඉහල දැමීමට කටයුතු කල බවද සඳහන් කළා. ඒ අනුව ඒ කාලයේ හැටියට එම මුදල් සිදුවූ හානි පූරණය කරගැනීම සඳහා ප්‍රමාණවත් වූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.
2015 වසරේ නව රජය පැමිණීමෙන් පසු වත්මන් රජය සිදුකල සුවිශේෂී ක්‍රියාවක් සිදුකල බවත් ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් සහ එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මැදිහත්වීම මත අමාත්‍ය මණ්ඩලයද එක්ව  ජාතික රක්ෂණභාර අරමුදල හරහා ස්වභාවික ව්‍යවසන අවස්ථා වලදී ශ්‍රී ලංකාවේ සියලු නිවෙස් රක්ෂණය කිරීමට හැකිවූ බව සඳහන් කළා. ඒ නිසාවෙන් මෙවර අප රජයට ජනතාවට රක්ෂණ වන්දි මුදල් ලබාදීමට හැකිවූ බවද අමාත්‍යවරයා සඳහන් කළා. ඒ අනුව 2017 වර්ෂයේ පැමිණි ගංවතුරින් විපතට පත්වූ නිවාස මෙන්ම ව්‍යාපාරික ස්ථාන සඳහාද වන්දි ලබාදීමේ හැකියාවක් රජයට උදාවූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.
නමුත් 2017 වර්ෂයේ සිදුවූ ගංවතුරට වන්දි ලබාදීම අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ තක්සේරු කිරීම් සහ ජාතික රක්ෂණ බාර අරමුදල මගින් සිදුකරන ගෙවීම් අතර විෂමතාවයක් ඇතිවූ බැවින් ගරු අග්‍රාමාත්‍යතුමන් ඊට මැදිහත්වී ජනතාවට මුදල් ලබාදීමට විශේෂ කැබිනට් අනුමැතියක් ලබාගත් බවද සඳහන් කළා. ඒ අනුව ජාතික රක්ෂණ බාර අරමුදල ගෙවූ මුදල්වලට අමතරව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය මත ලැබිය යුතු ඉතිරි මුදල් මෙලෙස ගෙවීමට ක්‍රියාකරන බව අමාත්‍යවරයා සඳහන් කළා. මේ සඳහා යම් කාලයක් ගතවුවද කිසි විටෙකත් රජය එය අමතක නොකළ බවද අමාත්‍යවරයා සඳහන් කළා. සිදුවූ ප්‍රමාදදෝෂයට සමාව ඉල්ලු අමාත්‍යවරයා සඳහන් කලේ, කල් ගතවුවද ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය වන ආකාරයට චෙක් පත් ලබාදීමට හැකිවීම පිළිබඳව තමන් හා රජය සතුටට පත්වන බවයි.
මෙම මස 07, 08 සහ 09 යන දින ඇතුලත පිටබැද්දර, කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බලප්‍රදේශවල විපතට පත්වූ ජනතාව අතර රුපියල් කොටි පනහකට (50) අධික මුදලක් බෙදාදීමට අමාත්‍ය සාගල රත්නායක මහතා මූලිකත්වයෙන් මෙලෙස බෙදාදීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ධන පිරවුම් හලක් කොල්ලකයි

Mohamed Dilsad

ලංකා IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඉහළට

Mohamed Dilsad

මනුෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

Leave a Comment