ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාලවල අරාජිකත්වය නැතිකර විශ්වවිද්‍යාලවල ගුණාත්මභාවය වැඩි කළ යුතුයි

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල කඩකප්පල් කරන කණ්ඩයම් හා මුදල් ලබාදෙන කණ්ඩායම් සිටිනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරන්න බලවේග ක්‍රියාත්මක වෙනවා.විශ්වවිද්‍යාලවල අරාජික තත්ත්වය නැතිකර විශ්වවිද්‍යාලවල ගුනාත්මකභාවය වැඩි කළ යුතු වෙනවා යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජාතික ආරක්ෂක අරමුදල් (සංශෝධන )පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ දී අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

විවාදයේ දී අඳහස් දක්වූ අමාත්‍යවරයා”විශ්වවිද්‍යාල ඇතුළට මත්කුඩු ගෙන යෑමේ තත්ත්වයක් ආරම්භ වී තිබෙනවා. පාතාල ව්‍යාප්තිය නොසිතූ පරාසයන්ට ව්‍යාප්ත වෙලා. මත්ද්‍රව්‍ය හා මත්කුඩු නිසා තරුණ පරම්පරාව ගොදුරක් වී තිබෙනවා. අද නවකවදයට පැමිණිලි කරන්න බයයි. අප විශේෂ ඒකකයකින් සොයා ගෙන තිබෙනවා, සිද්ධි 284ක්. ළමයින්ට පැමිණිලි කරලා ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ඇවිත් ඉගෙන ගන්න බෑ. දෙමව්පියන් අඩනවා. කාලයකින් මේ ගැන අවධානය යොමු වී නෑ.

ඔලුවිල් විශ්වවිද්‍යාලයේ ළමයි වැඩවර්ජනය කරනවා. ළමයි පාර්ලිමේන්තුවට කැඳෙව්වා. කතා කරලා බැලුවා. විශ්වවිද්‍යාලවල තත්ත්වය කණගාටුදායකයි. හිංසනය දරන්න බරි නිසා විශ්වවිද්‍යාල අතහැර යනවා. විශ්වවිද්‍යාලය ඇතුළේ මාෆියාවක් තිබෙනවා. සමහර සිසුවියන් හා දෙමව්පියන් පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. සමහර ආචාර්යවරු ලිංගික අල්ලස්  නැත්නම් විභාග අසමත් කරනවා . මේ ගැන විමර්ශනය කරනවා. දියුණු තාක්ෂණය යටතේ ඇප් එකක් හඳුන්වා දෙනවා. විශ්වවිද්‍යාල දරුවන්ට හිංසනයක් වෙනවා නම් ඇප් එකෙන් දැනුවත් කරන්න.

ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සිංහල,දෙමළ, මුස්ලිම් දරුවන් ඉන්න්වා. සිංහල ළමයි පන්තිවලට යන්නේ නෑ. අපි විමසුවා. එක සිසුවෙක්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරලා. ඉවත් කළ කෙනා ගන්න කියනවා. එහෙම අරගෙනපාලනයක් ගෙන යන්න පුළුවන්ද? විශ්වවිද්‍යාල කඩකප්පල් කරන කණ්ඩයම් හා මුදල් ලබාදෙන කණ්ඩායම් සිටිනවා. කවුද ළමයිට සල්ලි දෙන්නේ ?. විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරන්න බලවේග ක්‍රියාත්මකවෙනවා. ඒවට හසුවී සිටිනවා, ගමේ අසරණ දෙමව්පියන්ගේ දරුවන්. නොයෙක් ව්‍යාපාර තිබෙනවා. බංකොළොත් දේශපාලන ව්‍යාපාර තියෙනවා.

අද ළමයි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න නේපාලයට,ඉන්දියාවට ,බංගලාදේශයට යනවා. මෙය අවාසනාවන්ත තත්ත්වයක්.ඇතුළත්මුදලි මහතා හදපු මහපොළෙන් කන අය ලලිත් ඇතුළත්මුදලි මහතාගේ නමට කුළුගෙඩියෙන් ගහනවා.තමන්ට ඉගෙන ගන්න ශිෂ්‍යත්වය ලබාදුන් කෙනාගේ නමට ගහනවා නම්,ඒ පිරිහීමෙන් ශිෂ්‍ය පරම්පරාව බේරාගත යුතුයි. මොළ සුද්ද කරලා, ජීවිත විනාශ කරනවා. අපි යථාර්ථය අකමත්තෙන් වුනත් කියන්න ඕන. අද උපාධිධාරියා කල් ඉකුත් වූ භාණ්ඩයක් වී තිබෙනවා. පුද්ගලික සමාගමක ඉල්ලුම්පත්‍රයක් දලා රැකියා ගන්න ගියාම වැඩි ඉඩක් ජාත්‍යන්තර පාසලේ සිසුවාට ලබා දෙනවා. ඒ පිළිගැනීම නෑ උපාධිධාරියාට.

කලා හා කළමනාකරණ අංශවල පාඨමාලා ගත්තම පුදුම හිතෙනවා. කලා පාඨමාලාව මාස දෙකකින් ඉගෙන ගන්න පුළුවන්. මාස දහයක් පාර ඉන්නවා. සියලු උපකුලපතිවරු කැඳවා සාකච්ඡා කළා. භාෂා ප්‍රවීණත්වයක්නෑ. අද ජාත්‍යන්තර පාසල් පුළුල් වී තිබෙනවා. ජාත්‍යන්තර පාසල්වල දරුවො විෂය ඉගෙන ගන්නවා. මේකද උපාධිධාරියාගේ ඉරණම විය යුත්තේ.මේ සියලු දෙනා ඉගෙන ගන්නේ මහජනතාවගේ සල්ලි වලින්. මෙහෙම ගියෝත් අධ්‍යාපනය නතර වෙන්නේ කොතැනද? පහදීම්, ලිංගික බලපෑම්වල අඩුවක් නෑ”.

අද විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන් විශ්වවිද්‍යාල ගොඩගන්න මහන්සිවෙනවා. මුදල් පොම්පකරලා, දුප්පත් දරුවන්ගේ මොළේ විකෘති කරලා, විශ්වවිද්‍යාල අඩපන කරනවා. විශ්වවිද්‍යාලවල අරාජික තත්ත්වය නැතිකර විශ්වවිද්‍යාලව ගුණාත්මකභාවය වැඩි කළ යුතු වෙනවා. විශ්වවිද්‍යාලවල ගුණාත්මකභාවය පරික්ෂා කරන්න, පනතක් කෙටුම්පත් කර තිබෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඉඩ දෙනවා ද කියලා රාජ්‍යප්‍රතිපත්තියක් ගත යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම හදිසියේ ගත් තීරණයක් නොවේ – ඇමති අමරවීර

Mohamed Dilsad

සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් දුම්රිය වර්ජනය ස්ථිරයි.

Mohamed Dilsad

සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට ගෙන ඒමට ජනපතිගෙන් කැබිනට් අනු කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment