ප්‍රමුඛ පුවත 1

තැපෑල යළි අඩාල වෙයිද?

(UTV| කොළඹ) – සිය ගැටළුවලට විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් අද (11) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සුදානම් වේ.

ඒ අනුව අද සවස 4.00 සිට වැඩ වර්ජනය ආරම්භ කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

රට පුරා සිදු කෙරෙන මෙම අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් සේවා කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණු කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

පසුගිය සතියේ තැපැල් වෘත්තීය සමිති සංකේත වැඩ වර්ජනයක නිරත වු අතර මේ හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙන්ම දිවයින පුරා බොහෝ තැපැල් කාර්යාලවල කටයුතුවලට බාධා එල්ල විය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට සම්ප්‍රදායික ඥානය හා සම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශන වල බුද්ධිමය අයිතිය ලබා ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි

Mohamed Dilsad

රාජකීයට සිසුන් ඇතුලත් කිරීම සඳුදා සිට යළි අරඹයි

Mohamed Dilsad

පොසොන් උත්සවය නිමිත්තෙන් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් විශේෂ රථවාහන සේවාවක්

Mohamed Dilsad

Leave a Comment