ව්‍යාපාරික

ඩර්ඩන්ස් රෝහල විසින් දකුණු ආසියාවේ අතිනවීන ද්විත්ව කැතීටකරන පරීක්‍ෂණාගාරය විවෘත කරයි

(UTV| කොළඹ) – දෘෂ්‍ය හා ජායාරූප ආධාරයෙන් රෝගාබාධ නිර්ණය කිරීම සඳහා කැතීටකරන පාරික්‍ෂණාගාර ක‍්‍රමවේදය භාවිතා කරයි.

ඩර්ඩන්ස් රෝහලේ දී අභිනවයෙන් විවෘත කල අති නවීන ද්විත්ව කැතීටකරණ පරීක්‍ෂණාගාරය (biplane catheterisation laboratory) දකුණු ආසියාවේ ප‍්‍රථම පරීක්‍ෂණාගාරයවේ.

එමගින් නවීනතම තාක්‍ෂණ්‍ය භාවිතා කරමින් ඇන්ජියෝග‍්‍රෑම් සිදුකල හැක. ඉතා නිවැරදිව, මාන ක‍්‍රියාකාරීත්වයෙන් හා ආරක්‍ෂා සහිතව හිසේ සිට පාදය දක්වා රෝග රෝගාබාධ කඩිනමින් හා නිවැරිදිව නිර්ණය කිරීමේ හැකියාවද නව යන්ත‍්‍රයට ඇත.

මෙම දිත්ව කැතීටකරන පරික්‍ෂණාගාරය ඉතා නිවැරදි රෝග නිර්ණය කිරීමේ මෘදුකිංගවලින් සමන්විත වන අතර වෛද්‍යවරුන්ට ඉතා පහසුවෙන් ප‍්‍රතිකාර කිරීමේ අවස්ථාව සලසයිග කෙටි පෙරසූදනම් වීමකින් සහ අඩු පරීක්‍ෂණාගාර කාලයකින් රෝගියාගේ ආරක්‍ෂාව උපරිමයෙන් තහවුරු කිරීමේ ක‍්‍රමවේදයකින් රෝග නිර්ණය කෙරේ.

පරික්‍ෂකවරුන්ට රෝගියා සිටින ස්ථානයට හා යන්ත‍්‍රය භාවිතා කෙරෙන ස්ථානයට කිහිපවරක් ගමන් කිරීමට නව දිත්ව කැතීටකරන පරික්‍ෂණාගාරයේදී අවශ්‍ය නොවේ.

නව පරීක්‍ෂණ මෙවලම් දිත්වාකාරයෙන් නිර්මාණය කර ඇත්තේ VasoCT සහ AneurysmFlow තාක්‍ෂණයෙන් වන අතර මෙවැනි ද්විත්ව කැතීටකරණ තාක්‍ෂණ දකුණු ආසියාවේ රටක ආරම්භ කෙරුණු ප‍්‍රථම අවස්ථාව මෙයයි.

VasoCT තාක්‍ෂණයෙන් මෘදු පටක සහ රුධිර වාහිනි වල විස්තරාස්මක ජායාරූප ගැනීමට හැකියාව ඇත. AneurysmFlow තාක්‍ෂණයෙන් සුවිශේෂ ජායාරූපකරණය සහ සවිසතරාත්මක විශ්ලේෂණයක් සපයයි.

උදාහරණයක් ලෙස, මොළයේ සැත්කමක් කරන අවස්ථාවක සජීවි ජායරූපකරණය මගින් නිසි ආරක්‍ෂාවක් ලැබෙන අතර නිසි ලෙස රෝගය නිර්ණය කිරීම සහ අවම හානිවන තාක්‍ෂණ්‍ය අවශ්‍ය වන්නේ මොළයේ රුධිර වාහිනි සංකීර්නව පිහිටා ඇති නිසාය.

හෘදයේ කෙරෙණ සැත්කමකදී සජීවි ජායාරූපකරණය සහ අදාල ස්ථානයට ප‍්‍රවිශ්ට වීම ඉතා නිවැරදිව හා නිසි උපදෙස් අනුව රුධිර වාහිනි තුලින් කළ යුතු වේ. මෙම කටයුතු ඉතා නවීන තාක්‍ෂණය භාවිතා කරමින් කැතීට (catheter ) සහ අපහරණය (ablation) මගින් හෘද සැත්කම් කටයුතු  සඳහා ඉතා උසස් ජායාරූප අවශ්‍ය වේ.

ස්ටේන්ට් යෙදීමේ සැත්කමකදී මෙම තාක්‍ෂණය මගින් නිසි ස්ථානයට නිවැරදි ප‍්‍රමාණයේ ස්ටෙන්ට් එකක් යෙදීමට හැකියාව ඇත.

එක්ස් කිරණ භාවිතයේ සිදුකරන රෝග නිර්ණයවලදී ද නව තාක්‍ෂණ මගින් හඳුනාගැනීම හැකියාව වැඩි කෙරේ. සජීවි ජායාරූපකරණය නිසා එම අවස්ථාවේම තොරතුරු දැනගැනීටය හැකි වන අතර හිසේ සිට පාදය දක්වා රෝගාබාධ පිළිබඳ කඩිනම් තීරණ ගැනීමේ හැකියාව රෝගියාගේ ජීවිත සුරක්‍ෂිතභාවය වැඩි කිරීමට හේතු වේ.

තවද රෝගී තත්ත්ව කිහිපයක පරීක්‍ෂණ එකම ස්ථානයකදී සිදු කිරීමට නව කැතීටකරණ පාරික්‍ෂණාගාරය තුලදී  සිදුකළ හැකි අතර උදාහරණය ලෙස හෘදයේ කැතිටකරණ පරික්‍ෂණයක් කරන ස්ථානයේම රුධිර නාලවල පිරික්‍ෂණයක් ද කළ හැක.

ඒ නිසා ස්ථාන දෙකකදී මෙම පරීක්‍ෂණ කිරීමට රෝගියාට ගමන් කිරීමට අවශ්‍ය නොවන නිසා රෝගියාගේ ආරක්‍ෂාව වැඩි වේ.

ClarityIQ තාක්‍ෂණයේ උසස් ජායාරූපකරණ හැකියාව නිසා එක්ස් කිරණ භාවිය ඉතා අඩු වන නිසා රෝගියා විකිරණ වෙත නිරාවරණය කිරීම පාලනය කරමින් එය මනාව පාලනය කරයි.

හිසේ සිට පාදය දක්වා ස්නායු, පර්යන්ත රුධිර නාල සහ හෘද පරීක්‍ෂණ සිදුකළ හැකි පිලිප් ඇෂුරියන් අතිනවීන දිත්ව කැතීටකරණ පරීක්‍ෂණාගාර සේවාව (biplane catheterisation laboratory) දැන් ඩර්ඩන්ස් රෝහලෙන් ලබාගත හැක. ඒ ස`දහා වැඩි විස්තර 011 2140 211 දුරකථන අංකයෙන් දැනගත හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කොරියාවෙන් මුදල් ප්‍රදානයක්

Mohamed Dilsad

රුපියලේ අගය තවත් පහළට

Mohamed Dilsad

වගා නොකළ ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොදා ගැනීමේ නව ව්‍යාපෘතියක්

Mohamed Dilsad

Leave a Comment