ප්‍රමුඛ පුවත 1

කිරිවෙහෙරේ වෙඩිතැබීම ගැන පුළුල් පරීක්‍ෂණ

(UTV|කතරගම) – කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ දී කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණ තිබූ මෝටර් රථය සොයා ගැනේ.

අපරාධකරුවන් පැමිණ ඇත්තේ UP CAG 8531 දරණ හොණ්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයකිනි.

මේ වන විට එම මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

ඊයේ (12) රාත‍්‍රියේ මෙම වෙඩි තැබීම සිදු විය.

පොලිය පැවසුවේ වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් පැමිණි ජීප් රථය මේ වනවිට පොලිස් භාරයට ගෙන පරීක්ෂණ සිදු කෙරෙන බවයි.

ස්වාමීන් වහන්සේලාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත් සිද්ධිය සිදු වූ අවස්ථාවේදීම කතරගම පොලිසියට අවශ්‍යකරන තොරතුරු ලැබුණු නිසා ඒ ඔස්සේ මේ වන විට විමර්ශන සිදු කෙරෙන බවත්පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව අද දිනය තුළ කෙසේ හෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උතුරු පළාතේ ඉදිකළ ප්‍රථම බස් නැවතුම්පොළ වන වව්නියාව බස් නැවතුම්පොළ ජනතා අයිතියට

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී තරුණයෙකු මරුට

Mohamed Dilsad

උත්සව සමයේ බීමත් රියදුරන් 170 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment