ප්‍රමුඛ පුවත 1

13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්ත රජයේ සහය (ඡායාරූප)

(UTV| කොළඹ) – ෆින්ලන්ත නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය පෙට්රි පෙල්ටෝනස් මහතා සහ මෙරට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (12) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණි.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට අදාළ පියවර සහ සැලසුම් පිළිබඳව මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර නවීන අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ මෙරට සිසුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව උසස් කිරීමට අදාළ නව ප්‍රතිපත්තීන් සහ සැලසුම් පිළිබඳව අදහස් සහ යෝජනා පිළිබඳව මෙම විශේෂ හමුවේ දී සලකා බලනු ලැබීය.

පසුගිය වසරේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ෆින්ලන්තයේ නිල සංචාරයක නිරත වූ අතර මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය නවීන දැනුම සහ ක්‍රමෝපායන් පිළිබඳව එහිදී ඔවුන් අධ්‍යනයක නිරත වුණි.

එමෙන්ම මෙරට තාක්ෂණික සහ වෘත්තිය අධ්‍යාපනය දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට ෆින්ලන්ත රජය විසින් අග්‍රාමාත්‍යවරයාට සහ අධ්‍යාපන අමාත්‍යවරයාට පොරොන්දු විය.

එම පොරොන්දුව පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්ත රජයේ සහය ලබා දීමට එම රජය තීරණය කර ඇති බව මෙම විශේෂ හමුවේ දී එරට නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය පෙට්රි පෙල්ටෝනස් මහතා සඳහන් කළේය.

ඒ අනුව, තාක්ෂණික, වෘත්තිය සහ තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ විෂය පථයන් දියුණු කිරීම සඳහා ෆින්ලන්ත රජයේ මැදිහත් වීම ඉදිරියේ දී ලබා දීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගින්නකින් පෑලියගොඩ නිවාස රැසක් විනාශයි

Mohamed Dilsad

ජෝසප් ඇලෝසියස්ට විදෙස් ගතවීමට අවසර…

Mohamed Dilsad

පිරිමි දරුවෙකුට පහරදී ඝාතනය කළ බවට කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment