ප්‍රමුඛ පුවත 1

පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට තවත් සැත්කමක්

(UTV| කොළඹ) – වෙඩි ප‍්‍රහාරයකට ලක්වූ කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් තවත් සැත්කමකට ලක් කරයි.

ඊයේ (14) රාත‍්‍රියේ උන්වහන්සේ මෙලෙස සැත්කමකට ලක් කල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

උන්වහන්සේ මේ වනවිට ප‍්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ උන්වහන්සේගේ සිරුර තුළ උණ්ඩ කැබලි කිහිපයක් තිබූ බැවින් මෙම සැත්මක සිදු කළ බවයි.

වෙඩි ප‍්‍රහාරයකට ලක්වීමෙන් පසු දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කෙරුණු උන්වහන්සේ වැඩිදුර ප‍්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කෙරුණි.

එහිදී ද කිරිවෙහෙර නාහිමියන්ට පැය 5 ක ශල්‍යකර්මයක් සිදු කළා. උන්වහන්සේ ඊයේ (13) පස්වරුවේ කොළඹට රැගෙන ආවේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකිනි.

මේ අතර පොලිසිය ඊයේ පස්වරුවේ පැවසුවේ වෙඩි තැබූ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු මහසෙන් දේවාලයේ ප‍්‍රධාන කපු ධුරය දැරූ පුද්ගලයා වන අසේල බණ්ඩාර බවයි.

ඔහුගේ නිවසේ තිබී ජීව පතරොම් 10ක් සහ තවත් තියුණු ආයුධ සොයා ගැණුණි.

ඔහු මේ වනවිට ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් අත්අඩංගුවට [video]

Mohamed Dilsad

කාර්මීක දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

ලක්ෂ ගණන් වැය කරලා මැෂින් ගෙනල්ලා ෆෝන් ටැප් කළේ මේ ආණ්ඩුව නෙවෙයි. – ඇමති හැරිසන් කියයි

Mohamed Dilsad

Leave a Comment