ක්‍රීඩා

21 වන ලෝක ශූරතා පාපන්දු තරඟාවලිය

(UTV| කොළඹ) – සත්කාරක රුසියාව සහ මැදපෙරදිග පාපන්දු බලවතුන් වන සෞදි අරාබිය අතර තරගය අද (14) මොස්කව් නුවර ලුසිනිකි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.30ට රුසියාවට ආවේනික අංග රැසකින් සමන්විතව පැවැත්වෙන අසිරිමත් සමාරම්භක උත්සවයකින් පසුවයි.

පළමු තරගය ඊට මිනිත්තු 30කට පසුව ආරම්භ කෙරේ. සමාරම්භක උත්සවයට සමගාමීව ලෝක ප්‍රකට රතු චතුරස්‍රයේදීත් වෙනම උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

පවත්වා ඇති ෆිෆා ශූරතා 20 න් ශූරතා 11 ක් යුරෝපයට හිමි වී ඇති අතර ඉතිරි ශූරතා 9 දිනා ගනු ලැබුවේ දකුණු ඇමරිකාව විසිනි. සෑම විටම අනු ශූරතාවයද දිනා ගත්තේ ද මෙම කලාප දෙකේ රටවල් විසිනි.

ෆිෆා අවසන් වටයට සුදුසුකම් ලැබූ රටවල් අතරින් ඉදිරියෙන් සිටින්නේ බ්‍රසීලය යි. ඔවුන් පසුගිය ශූරතා 20 සඳහාම සුදුසුකම් ලබා තිබූ අතර ද මෙවර 21 වන වතාවටත් සුදුසුකම් ලබා ඇත. ජර්මනිය සහ ඉතාලිය 18 වතාව බැගින් ද, ආර්ජන්ටිනාව අවස්ථ 16 කදී ද අවසන් වටයට සුදුසුකම් ලබා තිබුණි.

ෆිෆා තරගවලදී වැඩිම ගෝල ලබා ගත් ක්‍රීඩකයා වන්නේ ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝස් විසිනි. ඔහු ගෝල 16 ක් ලබා ගෙන ඇත. දෙවන තැන සිටින බ්‍රසීලයේ රොනාල්ඩෝ ගෝල 15 ක් ද, තෙවන තැන සිටින ජර්මනියේ ගර්ඩ් මුලර් ගෝල 14 ක් ද ලබා ගැනීමට සමත් විය.

මෙවර රුසියාවේ පැවැත්වෙන 21 වන ලෝක ශූරතා පාපන්දු තරගාවලිය සඳහා සිව් වතාවක්ම ශූරතාව දිනා සිටින ඉතාලිය මෙන්ම 1990 සිට පසුගිය වතාව (2014) දක්වා අවසන් වටය නියෝජනය කළ රුසියාවේ සාම්ප්‍රදායික එදිරිවාදියා වන අමරිකා එක්සත් ජනපද කණ්ඩායම ද සුදුසුකම් නොලැබීම කැපී පෙනෙන සිදු වීමකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තීරණාත්මක තරඟය අද

Mohamed Dilsad

ඉන්දියාවට ලකුණු 36 ක ජයක්

Mohamed Dilsad

ඉන්දීයාවට ලකුණු 26 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment