ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

චීනයේ “කුන්මින්” නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා වෙළඳ කුටියක්

(UTV|චීනය) – “චයිනා , කුන්මින් ආයනය – අපනයන අපනයන වෙළද ප්‍රදර්ශනය, චීනයේ , යුනාන් පලාතේ , කුන්මින් නගරයේ දී ඊයේ ( 14) ආරම්භ විය.

මෙවර එය පැවැත්වෙන්නේ විසිපස්වන වරටයි. ප්‍රදර්ශනය සදහා සහභාගී වී සිටින රටවල් සංඛ්‍යාව 86කි. චින- දකුණු ආසියා වෙළද ප්‍රදර්ශනය ද මීට සමගාමීව පැවැත්වේ. එය මෙවර පැවැත්වෙන්නේ පස්වන වරටයි. මීට අමතරව චීන – දකුණු ආසියා සහයෝගීතා සම්මේලනයේ ආරම්භය ද ඊයේ සිදු විය. ඒ සදහා සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැමිණ සිටියේ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතායි.

මෙම වෙළද ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ව්‍යවසායකයින් පිරිසක් එක්ව සිටී. ඒ අතරින් වැඩි දෙනෙකු , මැණික් , තේ හා කලා නිර්මාණ යන ක්ෂේත්‍ර නියෝජනය කරන අයයි. මොණරාගල වැනි අග නගරයෙන් බොහෝ දුර බැහැර ප්‍රදේශවල පිරිස් පවා සිය දස්කම් එළි දක්වමින් මීට එක්ව සිටීම විශේෂත්වයකි.

ප්‍රදර්ශනයට එක්ව සිටින ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු සදහන් කළේ , ශ්‍රී ලංකාවේ වෙළද භාණ්ඩ සදහා චීනයෙන් විශාල ඉල්ලුමක් පවතින බවයි.
“ ජුනි 14 වනදා ඇරඹි කුන්මින් වෙළද ප්‍රදර්ශනය ජුනි මස 20 වන දා දක්වා පැවැත්වේ. මෙම වෙළද ප්‍රදර්ශන භුමිය ආසියාතික වාණිජ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස හැදින්විය හැකි බව , චීන රජයේ අදහසයි. සියලු ආසියාතික රටවල් සහයෝගයෙන් කටයුතු කිරිමෙන් එම සෑම රටකටම දියුණුව කරා යාහැකි බව චීන ක කොංග්‍රසයේ , යුනාන් පලාතේ ප්‍රධානී , “චෙන් හාවො,, මහතා සදහන් කළේ ය. ප්‍රදර්ශනයට සමගාමීව , ආසියාතික රටවල කලා නිර්මාණකරුන් එක්වන කලා උළෙල ද පැවැත්වේ. ආසියාවේ අධ්‍යාපනය , වෙළදාම ,

සෞඛ්‍ය ආදි ක්ෂේත්‍ර පිළිබදව කතා කරන සම්මන්ත්‍රණ ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලියන 2700කටක අධික හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

එක්දින වෛද්‍ය වැඩ වර්ජනයක්

Mohamed Dilsad

දුරකථන ඇමතුම් පිළිබඳව ජනතාවට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment