ප්‍රමුඛ පුවත 1

කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ්

(UTV| කොළඹ) – කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

ඒ  අද (18) අලුයම ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සෙසු සැකකරුවන් දෙදෙනා අද දින තිස්සමහාරාම මහොස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගැනිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවක් මත වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගැනුණේ, පැපිලියානේදීයි.

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන, මහසෙන් දේවාලයේ හිටපු කපු මහතා වන 40 හැවිරිදි අසේල ලක්මාල් බණ්ඩාර මෙන්ම 24 හැවිරිදි නිවුන් සහෝදරයින් එලෙස අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය 12 වනදා රාත්‍රී 10.45 ට පමණ කතරගම, කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුවුණේ කිරිවෙහෙර වැඳපුදා යළි විහාරස්ථානයට වැඩම කරමින් සිටියදීයි.

එහිදි ධම්මින්ද හිමියන් අසල සිටි තවත් හිමිනමක් ද තුවාල ලැබූහ.

කිරිවෙහෙර පුදබිමේ ඇති මහසෙන් දේවාලයේ , හිටපු කපුමහතාගේ සැලසුමක් අනූව මෙම වෙඩි තැබිම සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය විය.

වෙඩි තැබිමෙන් තුවාල ලැබූ ධම්මින්ද හිමියෝ මේ වනවිට ත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි සිසුවියට පිහියෙන් ඇන්න තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

Mohamed Dilsad

එකිනෙකට ගැටුණු එක් දුම්රියක සිටි සේවකයන් සිව්දෙනෙකුගේ වැඩ තහනම්.

Mohamed Dilsad

සුවය ලැබූ නාවිකයින් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment