ප්‍රමුඛ පුවත 1

අතිරේක සේවකයින්ට වැටුප් ගෙවීම ආයතනවල සභාපතිවරුන්ට පැවරේ

(UTV| කොළඹ) – රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැරව සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් සහ ගණකාධිවරුන් වගකීම භාරගත යුතු බව රජය පවසයි.

ඒ අනුව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සම්පුර්ණයෙන් රජය සතු සමාගම්වල අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල වැනි ව්‍යවස්ථාපිත ගෙවීම්, නිශ්චිත කාලය තුළ ගෙවීම ද අදාළ ආයතන ප්‍රධානීන්ගේ වගකීම වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්වේ.

මේ වනවිට 7500 කට අධික සේවක පිරිසක් රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට අමතරව විවිධ රැකියාවල නිරතව සිටින බවට වාර්තා වන බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, රාජ්‍ය සේවයේ ජ්‍යේෂ්ඨ විධායක මට්ටමේ තනතුරුවල වැඩි පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බවත් තනතුරේ උසස්වීම් ලැබීම සඳහා අවශ්‍ය වන සේවා කාලය සම්පුර්ණ කර ඇති නිලධාරීන්ගේ ප්‍රමාණය සීමිතවීම මෙයට ප්‍රධාන හේතුව බවයි.

රාජ්‍ය අංශයේ සංවර්ධන නිලධාරී සේවයේ අනුමත තනතුරු 74, 872 ක් තිබෙන අතර දැනට 18,000 කට ආසන්න තනතුරු සංඛ්‍යාවක් පුරප්පාඩුව පවති.

එහෙත් ඇතැම් ආයතනවල සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරීන්ට නිශ්චිත කාර්යභාරයක් හෝ විෂයානුබද්ධ වැඩ පැවරුමක් සිදුකර නොමැති බව ද කාර්ය මණ්ඩල සමාලෝචනයේදී නිරික්ෂණය වූ බව මුදල් අමාත්‍යාංශය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්වර්ණාභරණ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සාගරිකා දුම්රියට පුද්ගලයෙකු බිලි වෙයි

Mohamed Dilsad

යාපනය චාවකච්චේරි නගර සභාවට පොහොට්ටුව ඇප මුදල් බදී

Mohamed Dilsad

Leave a Comment