ප්‍රමුඛ පුවත 1

ජනලේඛන හා සංඛ්‍යාලේඛන පුස්තකාලය ස්වයංක්‍රීයකරණය වෙයි.

(UTV| කොළඹ) – ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ශිෂ්‍යයින්, පර්යේෂකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා ජාත්‍යන්තර නියෝජිතායතන දක්වා වූ පුළුල් පරාසයකට අයත් වන දත්ත පරිශීලකයින්ට සමාජ ආර්ථික හා ප්‍රජාවිද්‍යාත්මක  සංඛ්‍යාති සපයනු ලබයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පුස්තකාලය සමීක්‍ෂණ ක්‍රමවේදය, ජාතික ගිණුම්, ප්‍රජා විද්‍යාව, ජනගහණය, දරිද්‍රතාවය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, මිළ ගණන් සහ උද්ධමනය, ආදායම් සහ වියදම්, ශ්‍රම බලකාය, කර්මාන්ත, වෙළඳාම. සංවර්ධන මිණුම් දර්ශක, වැනි විෂය කරුණු ගණනාවක් ආවරණය වන පොත්පත් විශාල සංඛ්‍යාවකින් සමන්විත විශේෂිත පුස්තකාලයකි.

නවීන සමාජයේ බහුලව දක්නට ලැබෙන සංසිද්ධියක් වන තොරතුරු අධික වීම මත මතුවන සංකීර්ණ  අභියෝග වලට මුහුණ දීම සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් එහි පුස්තකාලය ස්වයංක්‍රීයකරණය කරන ලදි. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණික සහයෝගීතාවය සහිතව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර, ජාතික විද්‍යා පදනම සමඟ එක්ව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු විසින් දුර්ලභ හා වටිනා පොත්පත් ගණනාවක් ඩිජිටල් එකතුවක් ලෙස ස්ථාපනය කරන ලදි.

නවීන තොරතුරු සන්නිවේදන තාක්‍ෂණික මෙවලම් ප්‍රයෝජනයට ගනිමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු විසින් දියත් කරන ලද ඩිජිටල් තොරතුරු සමුදාය සහ මාර්ගගත පුස්තකාල සුචිය මඟින් දෙපාර්තමේන්තුවේ සහ වෙනත් රාජ්‍ය ආයතන වල නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයින්, විද්‍යාර්ථීන් සහ පොදු මහජනතාවට සැපයෙන සේවාවන් පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.  මෙම ව්‍යාපෘතිය යටතේ ආසියානු කළාපයේ පළමු වරට පවත්වන ලද “ 1871 සංගණන වාර්තාව” වැනි ඉතා වටිනා සහ දුර්ලභ පොත්පත් 400 කට අධික සංඛ්‍යාවක් මෘදු (ඩිජිටල්) පිටපත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඩිජිටල් පුස්තකාල එකතුවට එකතු කර තිබේ. පරිශීලකයන් හට www.library.statistics.gov.lk  වෙබි අඩවිය වෙත පිවිසීම මඟින් එම පොත් පත් බාගත කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙම ඩිජිටල් පුස්තකාල එකතුව සහ මාර්ගගත පුස්තකාල සුචිය ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ ගරු රාජ්‍ය අමාත්‍ය ආවාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජුනි මස 08 වන දින ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවති උත්සවයකදී එළි දක්වන ලදි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.එස්. රුවන් චන්ද්‍ර මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දර්ශනා සේනානායක මහත්මිය, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්. සුනිල් මහතා, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා, දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ නිලධාරින් සහ ප්‍රධාන පුස්තකාලයාධිපති කේ.ජී.එස් ගුණතිලක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙම උත්සවයට සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දැඩි සුළඟකින් අයගම නිවාස රැසකට හානි

Mohamed Dilsad

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

නව සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment