ප්‍රමුඛ පුවත 1

නාගරික සහාධිපත්‍යය සංවර්ධකයන්ගේ සංගමයේ සමාරම්භක අවස්ථාව ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – නාගරික සහාධිපත්‍යය සංවර්ධකයන්ගේ සංගමයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොළඹ දී පැවැත්විණි.

ශ‍්‍රී ලංකාවේ මහල් නිවාසවල සහාධිපත්‍ය සංවර්ධනය කිරීම හා ඉදිකිරීම් කටයුතු මෙම සංගමය මගින් සිදු කරනු ලබයි.
කර්මාන්තය සම්බන්ධ ගැටලුවලදී ඒවා විසඳීම සඳහා කි‍්‍රයාශීලී ලෙස කටයුතු කිරීම, කර්මාන්ත ආශි‍්‍රත පුවත් හුවමාරු කිරීම, සියලු දේශීය හා අන්තර්ජාතික කාර්මික සම්බන්ධතා ආයතන නියෝජනය කිරීම හා සාමාජිකත්වය ලබා ගැනීම මෙම සංගමයේ අරමුණයි.

දේපල වෙළෙඳාම සහ මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ව්‍යාපාරික අවස්ථාවන් සොයා බැලීමට සාමාජිකයින්ට සහාය වීම සහ රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කිරීම ද මෙම සංගමය මගින් සිදු කරනු ලබයි.

සංගමයේ සභාපති එස් සීලන් මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගුණකොලපැලැස්සේ විරෝධතාවය මෙහෙය වූ රැඳවියන් පිරිසක් මාරු කෙරේ

Mohamed Dilsad

පෙට්‍රල් සහ ඩීසල් මිල සම්බන්ධ විශේෂ පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

දුම්රිය වැඩ වර්ජනය අත්හරී

Mohamed Dilsad

Leave a Comment