ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමිට ඇප, නමුත් විදෙස් ගමන් තහනම්

(UTV| කොළඹ) – මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියමවූ  පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇප මත නිදහස් කරයි.

අද(22) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම නියෝගය ලබා දුන්නේය .

ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් ඥාණසාර හිමියන්ට නියම කර ඇත.

නමුත් ඥාණසාර හිමියන්ට විදෙස් ගමන් ද තහනම් කර තිබේ.

ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද (22) දෙවන දිනටත් සලකා බැලුණි.

පසුගිය 19 වනදා එම අභියාචනය ප්‍රථම වරට කැඳවූ නමුත්,එදින නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට නොපැමිණීම හේතුවෙන් අභියාචනය සලකා බැලීම අද(22) පස්වරු 2 දක්වා කල් තැබීමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග නියෝග කළේය.

මෙහිදී හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග දඬුවම් නියම කරමින් සඳහන් කළේ පැමිණිලිකාරියට රුපියල් 50,000 ක වන්දියක්ද ගෙවන ලෙසයි.

එය නොගෙවන්නේ නම් තවත් මාස 03 ක ලිහිල් සිරදඬුවමකටද යටත්වීමට සිදුවන බව හෝමාගම මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කෙරුණේ 2016 වසරේ ජනවාරි මාසයේදීය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාර්ග රැසක වාහන තදබදයක්

Mohamed Dilsad

සමාජ මාධ්‍ය යළි තාවකාලිකව වාරණයට .

Mohamed Dilsad

සති 02ක් තුළ බැඳුම්කර වංචාවේ සිංහල – දමිළ පිටපත් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment