ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව බහරේන් රාජ්‍ය වෙත කරන ලද අපනයන ප්‍රමාණය ඉහළට

(UTV| කොළඹ) – බහරේන් රාජ්‍යයේ හා ශ්‍රී ලංකාව අතර ඉතා හොඳ ද්වීපාර්ශවික වෙළෙඳ සහයෝගීතාවක් පවතින බවත්, රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන හා දත්තවලට අනුව 2013 සිට 2017 දක්වා වූ ගෙවී ගිය වසර 05 තුළ ශ්‍රී ලංකාව බහරේන් රාජ්‍ය වෙත කරන ලද අපනයන ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙන බවත්, එනම් ඩොලර් මිලියන 5 (රුපියල් මිලියන 805) සිට ඩොලර් මිලියන 12.36 ක් දක්වා (රුපියල් මිලියන 1,990) එම වර්ධනය පෙන්නුම් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේදී, බහරේන් රාජ්‍යයේ වාණිජ හා කර්මාන්ත  මණ්ඩලයේ ඉහළ පෙළේ වෙළෙඳ හා ආයෝජන දූත පිරිස සමඟ කළ ද්වීපාර්ශවික සාකච්ඡාවලදීය.

බහරේන් රාජ්‍යයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ වෙළෙඳ හා ආයෝජන දූත පිරිසට 10 දෙනෙකු අයත් විය. එහි සභාපති අල් ජබේරියාස් සහිඩ් මහතා මෙම දූත පිරිසේ නායකත්වය දැරීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

“2017 වසරේදී බහරේන් රාජ්‍ය සමඟ කළ මුළු වෙළෙඳ ගණුදෙනු ප්‍රමාණයේ වටිනාකම ඩොලර් මිලියන 24.9 ක් හෙවත් රුපියල් මිලියන 4,009 ක් වුණා. එය 2017 වසරේදී ඩොලර් මිලියන 26.75 ක් හෙවත් රුපියල් මිලියන 4,307 ක් දක්වා වර්ධනය වුණා. මෙසේ වැඩි වීමේ ප්‍රතිශතය සියයට 7.4% ක් පමණ වෙනවා. අප බහරේන් රාජ්‍යයට අපනයනය කරන ලද ප්‍රධාන භාණ්ඩ වර්ග 03 ක් වෙනවා. එනම් ඉලෙක්ට්‍රොනික අයිතම, කෑමට දමන මිශ්‍රණ වර්ග හා තේ ප්‍රධාන වෙනවා. අප බහරේන් රාජ්‍යයෙන් ඇලුමිණියම්, කපු හා පෙට්‍රෝලියම් ආශ්‍රිත ද්‍රව්‍ය ආනයනය කරනවා. අපි කරන ආනයනයට වඩා අපනයනය ඉහළ මට්ටමක පවතින නිසා ගණුදෙනුවල වෙළෙඳ වාසිය තියෙන්නේ අපටයි. ඒ වගේම බහරේන් රාජ්‍යයේ අප රටේ ශ්‍රමිකයින් 6,000 ක් පමණ සේවය කරනවා. ඒ වගේම අප දෙරටේ දිවීපාර්ශවික වෙළෙඳාම තවදුරටත් වර්ධනය කර ගැනීමට විභවයක් තිබෙනවා. මම බහරේන් රාජ්‍යයේ කර්මාන්ත, වාණිජ හා සංචාරක අමාත්‍යවරයා වන සයෙඩ් බින් රශීඩ් අල් ෂයානි (Zayed Bin Rasid Al Zayani) මහතා සමඟ අප දෙරටේ වෙළෙඳ සහයෝගීතාවය ගැන සාකච්ඡා කළා. එහිදී මම පෙන්වා දුන්නේ දෙරටේ වෙළෙඳ සහයෝගීතාවයට අප දෙරටම නව උපාය මාර්ගික සැලැස්මක් ඇතිව යොමු වුවහොත් දෙරටටම ඉතා හොඳ අනාගතයක් උදාවෙන බවයි. ඒ නිසා මම ඔබට කියන්නේ අප රට තුළ මැණික් හා ස්වර්ණාභරණ, ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත හා සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව ද්වීපාර්ශවික හවුල් ව්‍යාපාර සඳහා ආයෝජනය කරන ලෙසයි. මේ මඟින් අප දෙරටටම ඉතා හොඳ වෙළෙඳ සහයෝගීතාවක් ඇති කර ගැනීමට හැකි වෙනවා. ඒ වගේම අපි ඉන්දියාව හා පකිස්ථානය සමඟ ඇති කරගෙන තියෙන නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා තීරුබදු රහිතව අපගේ හවුල් නිෂ්පාදන එම රටවල්වලටත් අපනයනය කරමින් විශාල ආදායමක් උපයාගන්නට පුළුවන්. එය හවුල් වෙළෙඳ ව්‍යාපාර ලෙස අපට වාසිදායක වෙනවා.” යැයි පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ බහරේන් රාජ්‍යයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ දූත පිරිසේ නායක අල් ජබේරියාස් සහීඩ් මහතා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ කාබනික ආහාර වර්ග හා පාන වර්ග මෙන්ම ස්වර්ණාභරණ ද ඉහළ ගුණාත්මකභාවයකින් යුක්ත වෙනවා. ඒ වගේම ඒවා විශාල වටිනාකමකින්ද යුක්ත වෙනවා. ඒ නිසා මෙම ශ්‍රී ලංකා අපනයනයන්ට බහරේන් හා මැනමා නගරවල වෙළෙඳපොළේ ඉහළ ස්ථානයක් පවතිනවා. ඒ වගේම ලංකාවේ ස්වර්ණාභරණ මෝස්තරයන්ද ලෝකප්‍රකටයි. බහරේන් රාජ්‍යය ගල්ෆ් කලාපයේ හදවත ලෙස ප්‍රකටයි. එම නිසාම මෙම ගල්ෆ් වෙළෙඳපොළ සඳහා බහරේනය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 1.5 (Trillium 1.5) ක ව්ශාල ඉඩ කඩක් පවතිනවා. ඒ වගේම අප රටේ මූලිකම අපනයන දුව්‍ය වන්නේ ලංකා තේ (Ceylon Tea) යි. ඒ වගේම ශ්‍රී ලංකාවේ කාබනික ආහාර හා පාන වර්ගවලටත් අපගේ රටේ වෙළෙඳපොළ විවෘතව පවතිනවා. මෙම කාබනික ආහාර හා පාන වර්ගවලට බහරේනයේ විශාල පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණ ඉතා ඉහළ මිලකට විකුණාගන්න පුළුවන්කම පවතිනවා. ඒ නිසා අපි ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණ වගේම කාබනික ආහාර පාන වර්ග සඳහා ආයෝජනය කරන්නට සූදානම්. ඒ වගේම කාබනික අහාර හා පාන වර්ග මෙන්ම සංචාරක කර්මාන්තයටත් අප ආයෝජනය කරන්නට සූදානමින් සිටිනවා.” යැයි පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝඨාභයගේ ජයග්‍රහණයට පාකිස්තානය සුබ පතයි

Mohamed Dilsad

කොළඹ වරාය නගරය ශ්‍රී ලංකා භූමිය සමඟ නිල වශයෙන් එක් කෙරේ [VIDEO]

Mohamed Dilsad

රනිල්ගේ සමුගැනීම ගැන අජිත් පී. පෙරේරා කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment