ව්‍යාපාරික

ජාතියට පෝෂණය සපයන ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදනවල සුරක්‍ෂිතභාවය, උසස් ප‍්‍රමිතිය සහ පෝෂණගුණය තහවුරු කරයි

(UTV| කොළඹ) – “ගොවිපොළේ සිට ආහාර මේසයට” යන තේමාව යාථාර්ථයක් කරමින් ශ‍්‍රී ලංකාවේ කුකුළු නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයේ දැවැන්තයා බවට පත් වී සිටින ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදන කටයුතු නිරීක්‍ෂණය කිරීමේ මාධ්‍ය චාරිකාවක් පසුගියදා සංවිධානය කර තිබුණි. එහිදි අනාවරණය වුයේ ක‍්‍රිස්බ්‍රෝ සමස්ත නිෂ්පාදන ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පරිඝණකගත කර නවීන තාක්‍ෂණය භාවිතා කරමින් සිදුකරන බවයි. ඒ නිසා සෞඛ්‍යරාක්‍ෂිත සහ පෝෂණගුණයෙන් යුත් කදුරට නැවුම් කුකුඵ නිෂ්පාදනවන ලෙස ක‍්‍රිස්බ්‍රෝ වෙළෙදපල ප‍්‍රමුඛයා බවට පත් වී ඇත.

ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් 6 ක නිෂ්පාදන කටයුතු ස්ථාන 17 දී සිදු කෙරෙන අතර එම ස්ථානවලින් ස්ථාන 4ක් නිරීක්‍ෂණය කිරීමට මාධ්‍යවේදීන්ට හැකි විය. එම ස්ථාන වන්නේ කුරුණෑගල, වීරඹුගෙදර පිහිටි කුකුඵ ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාව ^Fortune Agro Industries Pvt. Ltd&” බ්‍රෝයිල කුකුඵන් බෝකරන ගල්ගමුවේ පිහිටි Closed House ගොවිපොල ^Wayamba Development Pvt. Ltd&, නාවලපිටියේ පිහිටි කුකුඵ පැටවුන් අභිජනන මධ්‍යස්ථානය ^Midland Breeders Pvt. Ltd& සහ ගම්පොල පිහිටි ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදන සහ ඇසුරුම් කිරීමේ කර්මාන්ත ශාලාවයි.

Fortune Agro Industries (Pvt.) Ltd විසින් දේශීය ගොවීන්ට අතරමැදි වෙළෙදුන්ගේ මැදිහත්වීමෙන් තොරව සෘජුවම සිය බඩඩරිගු අස්වැන්න අලෙවි කිරීමට පහසුකම් සපයා තිබේ. ගොවීන් විසින් සිය අස්වැන්න Fortune Agro Industries කර්මාන්ත ශාලාවට ලබාදුන් සැනින් සිය බැංකු ගිණුම වෙත ක්‍ෂනිකව මුදල් බැර කිරීමට පියවර යොදා තිබේ.  සියයට සීයක් ස්ව්‍යංක‍්‍රිය ලෙස කුකුඵ ආහාර නිෂ්පාදකය කෙරෙන මෙම කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය හා වායුන් පරිසරයට මුදාහැරීම අවම කරමින් පරිසර හිතකාමී නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් බවට පත්වී තිබේ.

Fortune Agro Industries (Pvt.) Ltd හි ඉංජිනේරු ලලිත් බණ්ඩාර මහතා සදහන් කරන්නේ දිනකට මෙට්ටි‍ක් ටොන් 400 ක කුකුඵ ආහාර නිෂ්පාදන ධාරිතාවක් කර්මාන්ත ශාලාවට ඇති බවයි. එහෙත් අමුද්‍රව්‍ය ප‍්‍රමාණවත් තරම් නොමැති වීමෙන් දැනට දිනකට නිෂ්පාදනය කරන්නේ මෙට්ටි‍ක් ටොන් 200 ක් පමණක් බවත්, ඒ නිසා දේශීය බඩඉරිඟු ගොවීන්ට කිසිදු බියකින් තොරව බඩඉරිගු වගාකර කෙලින්ම තම ආයතනයට ලබාදී හොද මිලක් ගත හැකි බවත් ලලිත් බණ්ඩාර මහතා කියා සිටියේය.

ක‍්‍රිස්බ්‍රෝ සමූහය ව්‍යාපාරය තුල පිරිසරහිතකාමී මෙහෙයුම් සිදුකරන ස්ථාන අගයීම සදහා මේ වසරේ සිට හදුන්වා දුන් “හරිත සත්කාර”  2017 සම්මානය දිනාගත් ගල්ගමුවේ පිහිටි Wayamba Development (Pvt) Ltd නිරීක්‍ෂණය කිරීමට මධ්‍යවේදීන් කණ්ඩායමට දෙවනුව අවස්ථාව හිමිවිය. අතිනවීන තාක්‍ෂණය භාවිතා කරමින් බ්‍රෝයිල කුකුඵලන් බොකෙරෙන මෙම ගොවිපලෙන්, ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදන සදහා 35‍% ත් 40‍%  ත් අතර ප‍්‍රමාණයක් ලබාදෙයි. Crysbro’s closed house broiler farms නමින් හැදින්වෙන මෙම ගොවිපලේ උෂ්ණත්වය පාලනය, අලෝකය පාලනය, වාතය පාලනය, මෙන්ම සතුන්ට අවශ්‍ය ආහාර හා ජලය ලබාදෙන්නේද ස්ව්‍යංක‍්‍රියව මිනිස් අතපෙවීමකින් තොරවයි. ඒ අනුව ඉතා උසස් ප‍්‍රමිතියේ හා පොෂණගුණයෙන යුත් කුකු`ඵ නිෂ්පාදන වෙළෙදපලට නිකුත් කිරීමේ සහතිකය ලබාදීමට හැකි බව Wayamba Development (Pvt) Ltd හි ජේයෂ්ඨ කළමණාකරු ලලිත් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයට අයත් නාවලපිටියේ පිහිටි  Midland Breeders (Pvt.) Ltd අතිනවීන තාක්‍ෂණ භාවිතා කෙරෙන බිත්තර රක්කවණාගාරයයි. මෙම රක්කවණාගාරයේ කුකුඵ පැටවුන් අභිජනනය කෙරෙන අතර එම කුකුඵ පැටවුන් ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදන සදහා මෙන්ම වෙළෙදපලටද නිකුත් කෙරෙයි. Midland Breeders (Pvt.) Ltd හි ව්‍යාපාර අංශ ප‍්‍රධානි ප‍්‍රසන්න සම්පත් විතානාරච්චි මහතා කියා සිටියේ ජාත්‍යන්තර ප‍්‍රමිතියේ අභිජනන ක‍්‍රියාවලියක් සහ සෞඛ්‍යරක්‍ෂිතව මෙම කටයුතු සිදුකෙරෙන බවයි. නිසි සුදුසුකම් හා පළපුරුද්ද සහිත කාර්යය මණ්ඩලයක් විසින් එම කටයුතු අධීක්‍ෂණය කරන බවද විතානාරච්චි මහතා පෙන්වා දුන්නේය.

මාධ්‍ය චාරිකාව අවසන් වූයේ ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදන හා ඇසුරුම් කරන ගම්පොල පිහිටි ෆාම්ස් ෆයිඞ් කර්මාන්ත ශාලාව නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුවයි. ක‍්‍රිස්බ්‍රෝ කුකුඵ නිෂ්පාදන වර්ග 39 ක් මෙම කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදනය කෙරෙන අතර එම නිෂ්පාදන ඇසුරුම් කිරීම හා ගබඩා කිරීම මෙන්ම ශීතකරණ සහිත ලොරි මගින් වෙළෙදපල වෙත ප‍්‍රවාහනය කිරීමද සිදුකෙරෙයි.  කර්මාන්ත ශාලාවේ ව්‍යාපාර අංශ ප‍්‍රධානී ඩබ්ලිව්. ඩි. එම්. කේ. දිසානායක මහතා ප‍්‍රකාශ කලේ ඉතා සෞඛ්‍යාරක්‍ෂිතව හා උසස් ප‍්‍රමිතියෙන් නිෂ්පාදන කටයුතු කිරීමට විශේෂ අවධානයක් යොමු කරන බවත්, සියලූ නිෂ්පාදන කටයුතු සව්‍යංක‍්‍රියව සිදුකෙරෙන බවත්ය.

1972 වර්ෂයේදී කුකුළු පැටවුන් 100 දෙනෙකුගෙන් ඇරඹි ක‍්‍රිස්බ්‍රෝ එතැන් පටන් වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැක්ම පෙරදැරිව කටයුතු කිරීම ඇරඹීය. ප‍්‍රමිතිය, නැවුම්බව සහ නව්‍යකරණය සඳහා ඉහළ වැදගත්තමක් ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු නිෂ්පාදන ව්‍යාපාරික ආයතනය බවට පත් විය. මව් ගොවිපොළ, අභිජනන ගොවිපොළ, බ්‍රොයිලර් ගොවිපොළ සහ කුකුළු ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියක් ඇතුළු පුළුල් පරාසයක ක‍්‍රිස්බ්‍රෝ හි අතු පතර විහිද පවතී. ‘ගොවිපොළේ සිට ආහාර මේසය දක්වා’ යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ සාර්ථකත්වයෙහි ගමන් මගෙහි සංකල්පය වී තිබේ. ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බාහිර කුකුළු නිෂ්පාදකයින්, ඉරිඟු වගා කරුවන් මෙන්ම සමස්ත ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ප‍්‍රජාවගෙන්ද ලැබෙනුයේ සුවිසල් සහයෝගයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Ministry of Crab නවතම ශාඛාව බැංකොක් හිදී

Mohamed Dilsad

සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තෙක් මැනිං වෙළඳපොළ විවෘත නොකෙරේ

Mohamed Dilsad

පැල්වත්ත කිරි සමාගමෙන් කිරි ගොවීන්ට සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment